හමුදා ජ්‍යෙෂ්ඨ නිලයන් 20% කින් අඩු කිරීමට Pete Hegseth ගෙන් නියෝග!

Date:

රෂිකා හෙන්නායක

එක්සත් ජනපද ආරක්ෂක ලේකම්  Pete Hegseth විසින්, හමුදා ජ්‍යෙෂ්ඨ නිලයන් 20% කින් අඩු කිරීමට නියෝග කරයි.

ලොව බලවත්ම හමුදාව විධිමත් කිරීම සඳහා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් Pete Hegseth විසින් ගනු ලැබූ නවතම පියවරක් ලෙස ඉහළ පෙළේ නිලධාරීන් සංඛ්‍යාවේ දැඩි කප්පාදුවක් නිවේදනය කර තිබේ.

සඳුදා නිවේදනයක් නිකුත් කරමින් Pete Hegseth නියෝග කළේ, දැනට එක්සත් ජනපද හමුදාවේ ඉහළම නිලයන් දරන තරු හතරේ ජෙනරාල්වරුන් සහ අද්මිරාල්වරුන් සංඛ්‍යාව සියයට 20 කින් අඩු කිරීමට මෙන්ම ජෙනරාල් සහ ධජ නිලධාරීන් සංඛ්‍යාව සියයට 10 කින් අඩු කිරීමටයි.

මෙහිදී , දෙවන ලෝක යුද්ධ සමයේදී සෑම 6,000 කටම එක් ජෙනරාල්වරයෙකු හා සසඳන විට, එක්සත් ජනපද හමුදාවේ දැනට සෑම භටයින් 1,400 කටම එක් ජෙනරාල්වරයෙකු සිටින බව, Hegseth පැවසීය.

මෙය ඉහළ පෙළේ නිලධාරීන්ට දඬුවම් කිරීම සඳහා අදහස් කරන ලද කප්පාදු කිරීමේ අභ්‍යාසයක් නොවන අතර,  සත්‍යයෙන් ඔබ්බට කිසිවක් විය නොහැකි බව Pete Hegseth පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related