“ළඟ එන මව්වරුන් ගේ දිනයට කළින්ම තෑග්ගක්”

රෂිකා හෙන්නායක මැයි 06, කොළඹ LNW :

අද (06) දින සමස්ත චීන කාන්තා සම්මේලනයේ ප්‍රදානයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසඳය වෙත ලැබුණු භාණ්ඩ සහ උපකරණ උපයෝගී කරගනිමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ “ගොවිජන මන්දිර” පරිශ්‍රයේ ගොඩනගන ලද “ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානය” විවෘත කිරීම සිදුවිය.

“Little Roots” නමින් පෙර පාසලක් ද සහිතව ආරම්භ වූ මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි සමූහ ව්‍යාපෘතියක් ලෙස සිදු කරන ලදී.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, අමාත්‍යාංශ සහ විවිධ රජයේ ආයතන විශාල ප්‍රමාණයක් පිහිටා ඇති ශ්‍රී ජයවර්ධනපුර සහ බත්තරමුල්ල ප්‍රදේශයේ රාජකාරියේ නියුතු නිලධාරීන්ගේ පහසුව සඳහා ඉදි කරන ලද මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානය මුල් අදියරේ දී පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය සහ කෘෂිකර්ම අමාත්‍යාංශ කාර්යමණ්ඩලය සඳහා විවෘත කෙරේ. ඉදිරියේ දී එය පුළුල් කිරීමට නියමිතය.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ කෘෂිකර්ම, පශු සම්පත් සහ ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා, පශු සම්පත් සම්පත්, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය, පාර්ලිමේන්තුවේ නියොජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසඳයේ සාමාජිකාවන්, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නියෝජනය කරමින් Ms. Ji Lili, counselor in charge of Cultural affair, Mr. Jiang Chang, Third Secretary, පාර්ලිමේන්තු මහලේකම් කුශානි රෝහණධීර මහත්මිය, කාන්තා සහපළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තු නිලධාරීන්, අමාත්‍යාංශ නිලධාරීන්, දෙමව්පියන් සහ දරු දැරියන් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...