නව විදෙස් සමාගම් මෙරට ඉන්ධන පිරවුම්හල් වෙත බාධාවක්ද?

කොළඹ LNW:මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාරය සහ එක් වන විදේශ සමාගම් තුන සමග ඉදිරියේදී කටයුතු කිරීමේදී ඉන්ධන හල් හිමියන්ට මෙන්ම සමස්ත ඉන්ධන පාරිභෝගිකයන්ට ඇතිවන සුභදායි ප්‍රතිඵල පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පදනම් ආයතනයේදී පැවති සාකච්ජාවේදී දැනුවත් කර තිබේ.

ඒ අනුව එක් කාණ්ඩයකට පිරවුම්හල් 150 බැගින් වර්ගීකරණය කර ඇති පිරවුම්හල් කාණ්ඩ 3න් කාණ්ඩ 2ක් සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් වෙන් වෙන්ව එම සාකච්ජාව පවත්වා ඇත.

එමෙන්ම, නව සමාගම් සමග එක්වන ඉන්ධන හල්වල ගිවිසුම්,ලාභාංශ බෙදීයාම්, QR ක්‍රමවේදයේ ඉදිරි පියවර, ඉන්ධන මිල සූත්‍රය, මිල පාලනය හා නියාමනය, නව ඉන්ධන හල් බලපත්‍ර සම්බන්ධයෙන් ඇති වැරැදි මත වැනි කරුණු සම්බන්ධයෙන් ඉන්ධනහල් හිමියන්ගේ ගැටලුවලට එහිදී පිළිතුරු ලබාදී ඇත.

මෙම සකචජවට විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමතිවරුන් වන ඉන්දික අනුරුද්ධ සහ ඩී.වී චානක,විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම්,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිසහ කළමනාකරණ අධ්‍යක්ෂ ඇතුළු වෙළඳ අංශයේ නිලධාරීන් ඇතුළු පිරවුම්හල් හිමිකරුවන් සහභාගී විය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...