Tuesday, May 30, 2023
spot_img

Latest Posts

වෙසක් පෝයදා සිල් සමාදන් වෙමින් සිටි කාන්තාවක් දූෂණය කළ අයෙකු අත්අඩංගුවට !

වෙසක් පෝය දිනයේ (05) සිය නිවසේ සිල් සමාදන් වෙමින් සිටි 47 හැවිරිදි කාන්තාවකට බරපතළ ලිංගික අතවර කළ කළ පුද්ගලයකු වැලිකන්ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකි.

ඔහු බීමට වතුර වීදුරුවක් ඉල්ලමින් අදාළ කාන්තාවගේ නිවසට පැමිණ ඇති අතර නිවසේ කිසිවකු නොමැති බව දැනගෙන කාන්තාව දූෂණය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ අවස්ථාවේදී ඇය ඔහුගෙන් බේරීමට උත්සාහ කරමින් කෑගසන හඬ ඇසී එහි පැමිණි ප්‍රදේශවාසීන් සැකකාර පුද්ගලයාව අල්ලාගෙන ඇතත් ඔහුගේ පියා එහි පැමිණ ඔහුව මුදාගෙන ගොස් තිබේ.

නමුත් පසුව වැලිකන්ද පොලීසිය විසින් සැකකරු මෙන්ම ඔහුගේ පියාත් අත් අඩංගුවට ගෙන ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.