*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

මැයි 9 වෙනිදා සිට සෞඛ්‍ය සේවාවේ නැවත වර්ජන අරඹනවා – රවී කුමුදේශ්

සටහන – රෂිකා හෙන්නායක

මැයි 07, කොළඹ (LNW): මැයි 9 වෙනිදා සිට සෞඛ්‍ය සේවාවේ නැවත වර්ජන අරඹන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාලව ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා සකස්කරනලද තාක්ෂණික වාර්ථාව රජය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නා ලද නමුත්, එකඟ වූ පරිදි මෙතෙක් පොරොන්දු ඉටුවී නොමැති බවත්, අදාළ තාක්ෂණික වාර්තා වේ කොටසක් මැයි මාසයේ වැටුපට එක් කරන බවත්, ඉතිරි කොටස ලබාදීම පිළිබඳව සති හතරක් ඇතුළත නිල දැණුම් දීමක් සිදු කරන බවත්, රජයේ එකඟතාවය වුවද, ඉතිරි කොටස පිළිබඳ කර නොමැත මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදුකර නොමැති බව ඔහු පවසයි.

එසේම මැයි මාසයේ වැටුපට එකතු කරන දීමනාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවේ ද ඇතැම් සෞඛ්‍ය සේවාවන් නොසලකා හැර තිබීම බරපතල බවත්, නිල ඇඳුම් දීමනාවට සාපේක්ෂව, නිල ඇඳුම් නොලබන කාර්ය මණ්ඩලය සඳහා ලබාදීමට නියමිත දීමනා පිළිබඳවද මෙතෙක් කිසිවක් සිදු කර නොමැති බවත් පවසයි.

මේ පිළිබඳව සැලකිල්ලට ගෙන මැයි මස නමවෙනිදා සිට නැවත වතාවක් සෞඛ්‍ය සේවාව තුළ වර්ජනයක් කැඳවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කළ බව දැනුම් දෙන බවත්, රෝගීන්ට ඇතිවන පීඩාවන් සැලකිල්ලට ගෙන එම වර්ධනය අඛණ්ඩව දීප ව්‍යාප්ත ලෙස ක්‍රියාත්මක නොකොට, පළාත් වශයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වනවිට සැලසුම් කොට ඇති බවත් දන්වයි.

ඒ අනුව මැයි මස නව වෙනිදා උතුරු මැද පළාත තුළ සියලුම රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුළ මෙම වර්ධනය ක්‍රියාත්මක වන අතර, මැයි මස 13 වෙනිදා මධ්‍යම පළාත, දාහතරවෙනිදා සබරගමුව පළාත, පහළොස්වෙනිදා වයඹ පළාත, දාසය වෙනිදා දකුණු පළාත, විසිවෙනිදා ඌව පළාත සහ විසි එක් වැනිදා බස්නාහිර පළාත වශයෙන් ඒ ඒ පළාත්වල තිබෙන සියලුම රෝහල් හා සෞඛ්‍ය ආයතන තුළ මෙම වර්ධනය ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, මේ සඳහා නිසි ප්‍රතිචාර නොමැති නම්, ඉන් අනතුරුව මැයි මස 22 වන දා සිට නැවත වතාවක් අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමටද තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය වැඩි දුරටත් අනතුරු අඟවා සිටී.



Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan