කන්‍යාවී ….

Date:

ඇස් බැඳුනු සළු පැලඳු කන්‍යාවී..
නෑ නොමැරී… කන්‍යාවී..
කඩුව දිලෙයි තුලා පිරෙයි
කන්‍යාවී…
නෑ නොමැරී.. කන්‍යාවී..
පිරිමි ගොඩයි ඈ තුරුලෙයි
කන්‍යාවී..
නෑ නොමැරී…

පිලී ගඳයි, රතු රුධිරෙයි
කාණු දිගේ…වීදි පුරා…
තිබුණා මියැදුනු ජීවිත හැමදාමත්..
මහපාරේ සෝපාකලා..
තිබුණා මියැදුනු ජීවිත හැමදාමත්..
මහපාරේ සෝපාකලා
ඈ හිනැහෙයි…
නෑ නොමැරී…
කන්‍යාවී…

කලු සපත්තු..බයිනෙත්තූ..
රතු පාටින් වෙඩි වරුසා..
තිබුණා අපෙ පපුවේ
කවදත් හිටියේ නෑ හිරගේ ඝාතකයෙක්..
ඈ හිනැහෙයි…
නෑ නොමැරී…
කන්‍යාවී…

ඇස් බැඳුනු සළු පැලඳු කන්‍යාවී..
නෑ නොමැරී… දෙවඟන කන්‍යාවී..
කඩුව දිලෙයි තුලා පිරෙයි
කන්‍යාවී…
නෑ නොමැරී..
පිරිමි ගොඩයි ඔබ තුරුලෙයි
කන්‍යාවී..
නෑ නොමැරී…
කන්‍යාවී…

Artist – Mihindu Ariyaratne

Lyrics – Kasun Pussewela

Melody – Mihindu Ariyaratne

Music composer and post production – Yohan Ranasinghe

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...