මං ඒ කාලේ ඉපදිලාත් නෑ, මං පිනට පාර්ලිමේන්තු ආවෙත් නෑ – රාසමානික්කම්ගෙන් රනිල්ට සහ මුසම්මිල්ට පිළිතුරු

Date:

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා තමන් සම්බන්ධයෙන් කළ චෝදනාවලට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්කියන් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දැක්වූයේය.

“අද උදෑසන මම සභාවේ හිටපු නැතිවෙලාවේ ගරු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මං ගැන ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ ප්‍රකාශයෙන් එතුමා පෞද්ගලිකව මං ගැන චෝදනා කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයෙක් වශයෙන් 2013 වසරේ මම හිටියා කියන එක මම ප්‍රසිද්ධියේම පාර්ලිමේන්තුවේත් කියලා තියනවා. ඒක හංගන්න රහසක් නෙවෙයි. ඒ මිනීමරුවොත් එක්ක හිටපු එකට මම සමාව ඉල්ලනවා කියලාත් කියලා තියෙනවා, ඒක අලුත් රහසක් නෙවෙයි එතුමාට කියන්න. දෙවැනි එක තමයි එතුමා චෝදනා කරලා තිබුණා පිල්ලෙයාන් 600ක් මරණකොට මොකක්දෝ ඒකටත් මගෙ නම සම්බන්ධ කරලා. පිල්ලෙයාන් 600ක් මැරුවාද නැද්ද මම දන්නෑ, හැබැයි ඒ 600 දෙනෙක් ඝාතනය වෙච්ච දවස්වල මම ඉපදිලාත් නෑ. මම ඉපදුණේ 1990. ඉතිං ඒකට මම කොහොම සම්බන්ධද දන්නෑ. ඒ වගේම එතුමා අද සභාගත කරලා තිබුණා මම ශ්‍රීලනිප සංවිධායකවරයෙක් වශයෙන් පත්වුණු මගේ පත්වීම් ලිපිය. එතුමාට 2015 මේ රටේ ජනතාව ලබාදුන්නු ජනවරම හරහා එතුමා අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයාව මහබැංකු අධිපති කරලා ඒ මුදල් වංචාව කරපු මනුස්සයා අද කොහෙද ඉන්නෙ කියලා පුළුවන් නම් හොයලා සභාගත කරන්න කියලා මම එතුමාගෙන් ඉල්ලීම කරනවා. මම එතුමා ගැන වැඩිය විවේචනය කරන්න කැමති නෑ, ඒත් අද මේ රටේ තියෙන තත්වයට එතුමාත් කාරණයක්. මුසම්මිල් මන්ත්‍රීතුමා කියලා තියෙනවා මම පාර්ලිමේන්තු සම්ප්‍රදාය දන්නෑ, පළවෙනි වතාවට මන්ත්‍රී කෙනෙක් හැටියට ආවෙ කියලා. එතුමා වගේ පිනට පාර්ලිමේන්තු ආපු මන්ත්‍රී කෙනෙක් නෙවෙයි මම. මම ඡන්දෙන් දිනලා පාර්ලිමේන්තු ආවෙ. අරගලයට ජයවේවා. අරගලයට ජයවේවා !! බය නැතිව අරගලය දිගටම කරන්න කියන එක තමයි මට අන්තිමේ කියන්න තියෙන්නෙ”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...