සරණාගතයන් ලෙස බෝට්ටුවෙන් ඉන්දියාවට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මුලතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් 10 දෙනෙකු සරණාගතයන් ලෙස ඊයේ (06) අලුයම මුහුදු මාර්ගයෙන් ධනුෂ්කෝඩි වෙත ගොස් ඇති බව , ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ළමුන් තිදෙනෙකු සහ කාන්තාවන් සිව්දෙනෙකු අදාළ පිරිස අතර සිටින බව සඳහන් වේ.

පවතින ආර්ථික අර්බුද හමුවේ තමන් මෙලෙස ඉන්දියාවට පැමිණි බව අදාළ පුද්ගලයින් සඳහන් කර ඇති අතර , පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 254කට වැඩි සංඛ්‍යාවක් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් ඇති බව වාර්තා වේ. මෙම සරණාගතයින් පිරිස ද මණ්ඩපම් පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙනයාමට ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.


රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත;

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...