“සිරි සදහම් සෙත” ධර්ම දේශනා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්

Date:

බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් ‍පොහෝ දිනකය. එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනක වීම විශේෂත්වයයි.

විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුවූ බව කියැවෙයි. බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් අපවත් වන්නේ ද වෙසක් ‍පෝ දිනකය.

ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසකින් සමන්විත මේ උතුම් වෙසක් පුර පසළොස්වක පෝ දිනයට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සිරි සදහම් සෙත” ධර්ම දේශනා මාලාවේ 28වන දම් දෙසුම කොළඹ මාලිගාකන්ද මහාබෝධී අග්‍රශ්‍රාවක මහාවිහාරයේ දී පැවැත්විණි.

රාජකීය පණ්ඩිත, ත්‍රිපිටකාචාර්ය, ශාස්ත්‍රපති, අග්‍රශ්‍රාවක ධාතු ‌තේවාභාර අම්බුලුගල සුමංගල නාහිමිපාණන් වහන්සේ විසින් සුමධුර ධර්ම දේශනාව පවත්වනු ලැබීය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝ නායක, පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් වහන්සේ බැහැදුටු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උනවහන්සේ සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සමඟ පැවැති සමීප හිතෛෂිවන්ත බව පිළිබඳව එහිදී නාහිමිපාණන් වහන්සේ විපක්ෂ නායකතුමා සමඟ සිහිපත් කළ අතර විපක්ෂ නායකතුමන් විසින් කරනු ලබන සමාජ සත්කාර පිළිබඳව ද සිය ආශිර්වාදය පුද කරනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...