ඩෙංගු,ඉන්ෆ්ලුවෙන්සා සහ පාචනයේ වැඩි වීමක් – දරුවන් ගැන වැඩි අවධානයකින් පසුවන්න (VIDEO)

Date:

කොළඹ LNW: පසුගිය දින කිහිපයේ පැවති වර්ෂාව හේතුවෙන් දරුවන් අතර ඩෙංගු,ඉන්ෆ්ලුවෙන්සා සහ පාචනය යන රෝග තත්ත්ව වල වැඩිවීමක් සිදුව ඇති හෙයින් දරුවන් සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කරයි.

දින දෙකකට වැඩි තද උණ,හිසරදය, ඇස් යට කැක්කුම වැනි රෝග ලක්ෂණ ඇත්නම් ඩෙංගු රෝගයද යන්න තහවුරු කරගන්න ලෙසත් ඩෙංගු කම්පන සහ රක්තපාත තත්ත්වයට ගියොත් ජීවිත හානි පවා සිදුවිය හැකි බවයි ඔහු පෙන්වාදෙන්නේ.

උණ සමඟ කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව,වමනය යන රෝග ලක්ෂණ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වන අතර එය ඉතා වේගයෙන් පැතිරෙන බව දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

වර්ෂාපතනය වැඩිවීමත් සමඟ මැස්සන්ගේ බෝවීම වැඩිවීම නිසා පාචන තත්ත්වය වැඩි වී තිබෙන බවද ඔහු කියාසිටියි.

මෙහිදී විශේෂයෙන් අසූචි සමඟ රුධිරය පිටවීමක් වන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුවන අතර පාචන තත්ත්වය ඇත්නම් ස්වභාවික දියර ආහාර ලබාදෙමින් විජලනයෙන් වළක්වා ගන්න ලෙසද හෙතෙම උපදෙස් දෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...