ඩෙංගු,ඉන්ෆ්ලුවෙන්සා සහ පාචනයේ වැඩි වීමක් – දරුවන් ගැන වැඩි අවධානයකින් පසුවන්න (VIDEO)

Date:

කොළඹ LNW: පසුගිය දින කිහිපයේ පැවති වර්ෂාව හේතුවෙන් දරුවන් අතර ඩෙංගු,ඉන්ෆ්ලුවෙන්සා සහ පාචනය යන රෝග තත්ත්ව වල වැඩිවීමක් සිදුව ඇති හෙයින් දරුවන් සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කරයි.

දින දෙකකට වැඩි තද උණ,හිසරදය, ඇස් යට කැක්කුම වැනි රෝග ලක්ෂණ ඇත්නම් ඩෙංගු රෝගයද යන්න තහවුරු කරගන්න ලෙසත් ඩෙංගු කම්පන සහ රක්තපාත තත්ත්වයට ගියොත් ජීවිත හානි පවා සිදුවිය හැකි බවයි ඔහු පෙන්වාදෙන්නේ.

උණ සමඟ කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව,වමනය යන රෝග ලක්ෂණ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වන අතර එය ඉතා වේගයෙන් පැතිරෙන බව දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

වර්ෂාපතනය වැඩිවීමත් සමඟ මැස්සන්ගේ බෝවීම වැඩිවීම නිසා පාචන තත්ත්වය වැඩි වී තිබෙන බවද ඔහු කියාසිටියි.

මෙහිදී විශේෂයෙන් අසූචි සමඟ රුධිරය පිටවීමක් වන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුවන අතර පාචන තත්ත්වය ඇත්නම් ස්වභාවික දියර ආහාර ලබාදෙමින් විජලනයෙන් වළක්වා ගන්න ලෙසද හෙතෙම උපදෙස් දෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...