බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):දකුණු දිග ගාසා තීරයේ රෆා ප්‍රදේශය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය යුද මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම හේතුවෙන්, ඊශ්‍රායලයට යුද ආධාර ලෙස පිටත් කර හැරීමට සූදානම් කර තිබු බෝම්බ තොගයක් රැගත් නෞකාව ඊශ්‍රායලය බලා පිටත්වීම අත්හිටු වූ බව ඇමෙරිකාව නිවේදනය කරයි.

ඊයේ දිනයේද , සටන් විරාමයක් සඳහා වන යෝජනාවලියට හමාස් සංවිධානය එකඟතාව පළ කර තිබියදීත් ඊශ්‍රායලය රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර රැසක් එල්ල කළ බව වාර්තා වේ.

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන් වේ.

ඇමෙරිකාව ප්‍රවාහනය අත්හිටු වු නෞකාවේ රාත්තල් 2000ක බරින් යුතු බෝම්බ 1800කින් හා රාත්තල් 500ක බරින් යුතු බෝම්බ 1700කින් සමන්විත වු බව සඳහන් වේ.

ගාසා යුද මෙහෙයුම් සිදුකිරීමේ දී ඇමෙරිකාව ලබාදුන් උපදෙස් ඊශ්‍රායලය නොසලකා හැරීම දෙරට අතර මතභේදයට මූලික හේතුව වන බවද ජාට්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...