බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):දකුණු දිග ගාසා තීරයේ රෆා ප්‍රදේශය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය යුද මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම හේතුවෙන්, ඊශ්‍රායලයට යුද ආධාර ලෙස පිටත් කර හැරීමට සූදානම් කර තිබු බෝම්බ තොගයක් රැගත් නෞකාව ඊශ්‍රායලය බලා පිටත්වීම අත්හිටු වූ බව ඇමෙරිකාව නිවේදනය කරයි.

ඊයේ දිනයේද , සටන් විරාමයක් සඳහා වන යෝජනාවලියට හමාස් සංවිධානය එකඟතාව පළ කර තිබියදීත් ඊශ්‍රායලය රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර රැසක් එල්ල කළ බව වාර්තා වේ.

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන් වේ.

ඇමෙරිකාව ප්‍රවාහනය අත්හිටු වු නෞකාවේ රාත්තල් 2000ක බරින් යුතු බෝම්බ 1800කින් හා රාත්තල් 500ක බරින් යුතු බෝම්බ 1700කින් සමන්විත වු බව සඳහන් වේ.

ගාසා යුද මෙහෙයුම් සිදුකිරීමේ දී ඇමෙරිකාව ලබාදුන් උපදෙස් ඊශ්‍රායලය නොසලකා හැරීම දෙරට අතර මතභේදයට මූලික හේතුව වන බවද ජාට්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...