වෛද්‍ය විජිත් ගුණසේකර CID කැඳවයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08, කොළඹ (LNW): අද උදෑසන සිට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන විට දීර්ඝ වශයෙන් ප්‍රශ්ණකරමින් සිටින බව වාර්තා වේ..

ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කල දැනුම්දීමකට අනුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇති අතර, ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාලව මෙම ප්‍රශ්න කිරීමේ සිදුවන බව පැවසේ.

මෙම එන්නත් කුප්පි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භවීමත් සමඟ ඊට අදාල සංවේදී තොරතුරු විනාශ කළ බවට විජිත් ගුණසේකර මහතාට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් චෝදනාද නැගූ අතර, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ වෛද්‍ය විජිත් ගුණසේකර එම තනතුරින් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඉවත් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...

ජ.වි.පෙ.ට මොකද වුණේ ….?

මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...

මොඩියුල සිද්ධියෙන් දරුවන්ට කිසිදු හානියක් වුණේ නෑ. හරිනි වෙනුවෙන් රටේම කාන්තාවන් පාරට බස්සනවා – සමන්මලී

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරනයේදී හඳුන්වාදුන් මොඩියුල පොතක දරුවන්ට...

වැසි තත්වයේ වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...