*
Monday, May 20, 2024
spot_img

Latest Posts

අමුල් අවුලක් නොව නිරවුල් වෙන්න පාරක්

සටහන – නිශ්මං රණසිංහ

මැයි 08, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය ඉන්දියාවේ අමුල් කිරි නිෂ්පාදන ආයතනය ලබා ගෙන තිබෙනවා.ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් ඉන්දියාව ඈදමින් රජයටද, ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ඉන්දියානු ක්‍රිකට් ඈදමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ද දොස් පවරමින් සිටිනවා.


මේ අදහස් පළ කරන සහ තමන්ගේ නමින් ප්‍රසිද්ධ කරන බොහෝ දෙනෙක් ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් විශාල වශයෙන් කතා කරමින් ක්‍රම වෙනසක් අපේක්ෂා කරන උදවිය වීම මෙහිදී අවධානයට ලක් කළ යුතු වෙනවා.අමුල් පෞද්ගලික ඉන්දීය ව්‍යවසායකත්වයකට අයත් එකක් නොවන අතර සෘජුව ඉන්දීය රජයටද අයිති ව්‍යාපාරයක් නොවන බව කිව යුතුයි.


පසුගිය කාලය පුරාම රට හදන්නට සමූපකාර ඡන්දය හරහා රටේ ජනමතය ගැන තීරණවලට තීන්දුවලට පැමිණ ප්‍රකාශ කළ බොහෝ දෙනෙක් ඉන්දියාව කී පමණින් නපුරෙක් මවා ගත්තත්,අමුල් යනු සමූපකාර ක්‍රමයේ අග්‍රපලයක් ලෙස හැඳන්විය හැකියි. ගුජරාට් රජයේ සහයෝගිතා දෙපාර්තමේන්තුවේ සීමාසහිත ගුජරාට් සමුපකාර කිරි අලෙවි සම්මේලනයේ හිමිකාරීත්වය යටතේ පවතින අමුල් යනු ගුජරාටයේ ආනන්ද් හි පිහිටි ගුජරාට් කිරි අලෙවි සම්මේලනය නම් වූ ඉන්දියානු බහුජාතික සමුපකාර සමිතියේ කෙටි යෙදුමකි.


සමූපාකාර ක්‍රමයෙන් රටේ දේශපාලන බලය සම්බන්ධයෙන් හීන දකිමින් සිටින ලංකාවේ දේශපාලන පක්ෂවලට සහය පිණිස එම පක්ෂ නියෝජිතයන්ගේ ඕනෑම දෙයක් ඒකත් පස්ව පිළිගන්නා පිරිස් තමන්ගේ සමූපකාරයට වඩා හොඳ සංවිධානාත්මක ශක්තියකින් සහ ව්‍යාපාරික කළමනාකරණය ඇතුළෙ ලබන විශාල ලාභයෙන් කුමන හෝ රටක මිල අධිකම ක්‍රීඩාවේ අනුග්‍රාහකත්වය ලැබීම අපූරු වැඩක්ය.ලංකාවේ සමූපකාර ක්‍රමය ඇතුළේද එවැනි නිෂ්පාදන සංස්කෘතියක් සකස් කර අඩුම තරමේ ජාත්‍යන්තර මට්ටමට යාමට දිරියක් සවියක් අවශ්‍යය ගම් ප්‍රදේශයේ ක්‍රීඩකයාගේ තුන්වේලට සහ අත්‍යවශ්‍යය කාරණා සඳහා අනුග්‍රහයක් දීම වුව කළ හැකිය.
අමුල් පැමිණීමේ සාකච්ඡාව දේශපාලනය සම්බන්ධයෙන් හෝ ක්‍රිකට් සම්බන්ධයෙන් වන විවේචනවලට කළවම් කර නොගෙන ඔවුන්ගේ ව්‍යාපාරය සම්බන්ධයෙන් කරන හැදෑරීමක් හරහා ශ්‍රී ලංකාවට එවැනි සංස්කෘතියක් සමීප කිරීම ගැන කථිකාවක් ඇති කළ හැකිනම් අපූරුය.රජය විසින් සිඳු කරමින් තිබෙන කිරි කර්මාන්ත ආයතන ද පාඩු ලබමින්,නිසි වගවීමක් කළමණාකාරීත්වයක් නැති කර විදේශයන්ට දන් දීම සඳහා කෙටුම්පත් සකස් කර ගැනීමට ඉඩ නොතබා එම ප්‍රදේශවල කිරි සමූපාකාර ඇති කර ජනතාව එවැනි ආයතනවල ගැණුම්කරුවන් දක්වා වැඩෙන්නට හැකි ආකාරයට සමූපකාරය ගැන සිතිය යුතුව ඇත.


ඒ නිසා මේ මොහොත ශ්‍රී ලංකාවේ හැමදාම නැහැ සහ බැහැ යන වචනවලින් ජීවිතයේ පසුගාමී ගියරයට දමාගෙන දුවන තරුණ ජීවිතවලට ශ්‍රී ලංකා ක්‍රිකට් පොළවේ පවතින පක්ෂ දේශපාලනයට එහා ගොස් සිතිය හැකි පලදායි චින්තනයක් පැල කර ඇත.ඒ චින්තනය වැඩෙන්නේ අමුල් අනුග්‍රාහකත්වය යවතේය.
මේ එකඟතාවය ශ්‍රි ලංකා ක්‍රිකට් සමඟ ඇති වන මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා ප්‍රකාශ කර සිටියේ “ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ අමුල්ගේ හවුල්කාරිත්වය විශිෂ්ට පියවරක්” බවය. තව සුරටත් අදහස් දක්වමින් අමුල් ශ්‍රී ලංකා ක්‍රිකට් හී ජාත්‍යන්තර ක්‍රීඩා සන්නාමය වීමෙන් නිසැකවම, ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් අතර එහි සන්නාම දෘශ්‍යතාව වර්ධනය වී, සමාගමට වෙළඳපල වර්ධනයක් ලබාගැනීමට අවශ්‍යය වන ආකාරයට සමාජය සැකසෙනු ඇති බව ද කීවේය.


අමුල් හි කළමනාකාර අධ්‍යක්ෂ ජයෙන් මෙහ්තා මහතා, ශ්‍රී ලංකා කණ්ඩායම 2023 ICC ක්‍රිකට් ලෝක කුසලානයේදී සහ ඉතා මෑතක දී, ඉදිරියට පැමිණීම ගැන ආඩම්බර වෙන බව පැවසීය.කණ්ඩායමේ සියලු දෙනාට විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් සුබ පැතූ කළමණාකාර අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ සම්බන්ධය ශක්තිමත් වනු ඇතැයි විශ්වාසය පළ කළේය.
ජයන් මෙහ්තා පවසා සිටියේ අමුල් කිරි නිෂ්පාදන සංවර්ධනය සඳහා හැකියාව ඇති බව ඔප්පු කළ ආදර්ශ්යක් බවය.


අමුල් ලංකාවට එන අපූරු හැදැරීය යුතු සහ ආදර්ශයට ගත යුතු අනුග්‍රාහකයෙක් මිස බාල දේශපාලන අදහස්වලින් ගසා දැමිය යුතු අනාදරයක් නොවේ.මේ මොහොත ක්‍රිකට්වලට සවියක් මෙන්ම රටේ දේශපාලනයට කියවිය යුතු පාඩම් පොතකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan