සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පළාත් වශයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08, කොළඹ (LNW): සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය හෙට ජාතික වශයෙන් ක්‍රියාත්මක කිරීමට සැළැසුම් කර ඇති අතර පැය 4ක් සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය පළාත් වශයෙන් ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීම සම්බන්ධයෙන් වූ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය  උදෑසන 8 සිට මධ්‍යයන 12 දක්වා හෙට සිට පළාත් මට්ටමින් ක්‍රියාවට නැංවීම අරඹන බවයි .

හෙට දිනයේ උතුරුමැද පළාතේ ද ලබන 13 වනදා මධ්‍යම පළාතේ ද 14 වනදා සබරගමුව පළාතේ ද එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 15 වනදා වයඹ පළාතේ මෙන්ම 16 වනදා දකුණු පළාතේ ද 20 වනදා ඌව පළාතේ සහ 21 වනදා බස්නාහිර පළාතේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කාලසීමාවේ සාමාන්‍ය සේවා වලින් ඉවත්ව සිටියද හදිසි අත්‍යවශ්‍ය හා ජීවිතාරක්ෂක සේවා ආවරණ කටයුතු සිදුකරන බව එම සන්ධානය වැඩිදුරටත් දැනුම් දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...