*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ජනාධිපති ඉන්නකං මොන ආණ්ඩු හැදුවත් ඵලක් නෑ, අපි එන්නෙත් නෑ – අනුර

වත්මන් අර්බුද සියල්ලටම වගකිව යුතු ප්‍රධාන පුද්ගලයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසනවා. ඒ නිසා රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවේ සිටින තාක් බිහිකරන සර්ව පාක්ෂික හෝ අන්තර්කාලීන‌ හෝ කිසිදු ආණ්ඩුවකින් ජනතා බලාපොරොත්තු ඉටුකළ නොහැකි බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

ජනාධිපතිවරයා තනි, තක්කඩි, හිතුවක්කාරී තීරණයකට අනුව එකවරම රසායනික පොහොර තහනම් කිරීම හරහා රටේ සමස්ත ගොවි ජනතාවම විනාශයට ඇද දැමූ ජනාධිපතිවරයා අද, තමන් ගත් තීරණය වැරදි බව පිළිගෙන ඇති බවත්, කෙසේ වුවද වැරැද්ද පිළිගැනීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් පෙන්වා දෙන අනුර දිසානායක මහතා පවසන්නේ ඔහු ගත් හිතුවක්කාරී තක්කඩි තීන්දුවල වගකීම බාර ගනිමින් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වී ගෙදර යායුතු බවයි.

වත්මන් ජනාධිපතිවරයා මුල් පුටුවේ තබාගෙන නිර්මාණය කරන කිසිදු ආණ්ඩුවකට ජාතික ජන බලවේගයේ සහයෝගය හිමි නොවන බවත්, ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් පසුව පාර්ලිමේන්තුව හරහා සිදුවන එකඟතාවයක් මත ගොඩනැගෙන පාලනයක් සඳහා සම්බන්ධවීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan