රට බාරගන්න අපි සූදානම් – සජිත්

Date:

මේ රට බලවත් ව්‍යසනයකට පත්ව ඇති මේ මොහොතේ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය රට ගොඩනැගීම වෙනුවෙන් තිරසාරව පෙනී සිටින බවත් ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට දෙවරක් නොසිතන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ 21 වෙනි සංශෝධනය ප්‍රකාරව විධායක ජනාධිපති ධූරය අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව පවසන විපක්ෂ නායකයා වගකීම සහ වගවීම හරහා ක්‍රියාත්මක වන රාජ්‍ය පාලනයක් ගොඩනැඟිය යුතු බව අවධාරණය කරයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කොට ඇති යෝජනාවලියත්, සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කොට ඇති 21 වැනි සංශෝධනයත් අතර විශාල පරස්පරතාවයක් නැති බව පැවසූ ප්‍රේමදාස මහතා ඒ යෝජනා පදනම් කරගනිමින් ප්‍රගතිශීලී ඉදිරි පියවර බව රැසක් ගැනීමට කටයුතු කරන බවද පැවසීය.

පවත්නා අර්බුදයට ප්‍රමුඛතම හේතුව වන්නේ ඒකාධිපති විධායක ජනාධිපති ධූරය බව පැවසූ විපක්ෂ නායකයා එය වහාම අහෝසි කළ යුතු බවද පැවසීය. සත්කාරක පාර්ශවයක් ලෙස මේ කටයුත්තට මැදිහත් වන ලෙස නීතිඥ සංගමයෙන් ඉල්ලා සිටින බව පැවසූ විපක්ෂ නායකයා, රටට ප්‍රජාතන්ත්‍රවාදය අත්කර දීම වෙනුවෙන් සමගි ජන බලවේගය තබන ප්‍රගතිශීලී වෑයමට සහයෝගය ලබා ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

අද (08) පෙරවරුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය හමුවීමෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.

මේ මොහොතේ වැදගත් වන්නේ ඔටුනු හෝ තනතුරු පළඳවා ගැනීමට නොවන බව පැවසූ විපක්ෂ නායකයා වැදගත් වන්නේ සමාජ හා ජාතික වගකීම ඉටුකිරීම බවද පැවසීය. රට ඉදිරියට යෑමට නම් 21 වෙනි සංශෝධනය ක්‍රියාත්මක විය යුතු බවත් වහාම විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකතුමා ඒ මත පදනම්ව ඕනෑම අභියෝගයක් බාර ගන්නා බවද සඳහන් කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...