ශ්‍රී මහ බෝධිය වඳින්න ගිය අගමැතිටත් ජනතාවගේ විරෝධය (Video)

Date:

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් මේ වනවිට රටපුරා උද්ගෝෂණ පැවැත්වේ. අගමැතිවරයා පදිංචිව සිටින අරලියගහ මන්දිරය ඉදිරිපිටද අඛණ්ඩ උද්ගෝෂණයක් පැවැත්වෙන අතර එය නම්කර තිබෙන්නේ මයිනා ගෝ ගම ලෙසයි.

රටපුරා උද්ගෝෂණ පැවැත්වෙද්දී මහින්ද රාජපක්ෂ මහතා අද අනුරාධපුර ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටී. ඔහු අද පෙරවරුවේ ශ්‍රී මහ බෝධිය වැඳපුදා ගැනීම සඳහා පැමිණි අතර උඩ මළුවෙන් පිටතට පැමිණි අගමැතිවරයාට ජනතාවගේ විරෝධය එල්ල වී තිබේ.

විරෝධතාකරුවන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ ජනතා ඉල්ලීම්වලට කන් දී ගෙදර යන ලෙසයි.

ආරක්ෂක අංශ සාමාජිකයන් සමග අගමැතිවරයා එම ස්ථානයෙන් ඉවත්ව ගිය අතර ඉන්පසු ඔහු රුවන්වැලි සෑය සහ මිරිසවැටිය දාගැබ වන්දනා කිරීමට ගොස් තිබෙනවා. එහිදීද අගමැතිවරයාට ජනතාවගේ විරෝධය එල්ල වූ බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...