‘අවසන් ලේ බින්දුව දක්වා පලි ගන්නවා; මෙය අපේ අභිමානය පිලිබඳ ප්‍රශ්නයක්’ – අගමැති ෂෙබාස් ෂරීෆ්

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව විසින් ඊයේ(07) දිනයේදී පකිස්ථානයට එල්ල කරන ලද මිසයිල ප්‍රහාර වලින් කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු 31 දෙනෙකු මිය යාමත් සමඟ පකිස්තානු අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් ප්‍රකාශ කර තිබුණේ, අවසාන ලේ බින්දුව දක්වා පලි ගන්නා බවත්, මෙය සිය රටේ අභිමානය හා ගෞරවය ආරක්ෂා කරගැනීම පිළිබඳ ප්‍රශ්නයක් වන බවත්ය.

ඊයේ(07)රාත්‍රියේ ජාතිය අමතමින් පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ අතර ඉන්දියානු ඉලක්ක වෙත ප්‍රහාර දියත් කිරීම සඳහා සිය හමුදාවට අවසරද ලබාදෙන ලදී.

මේ අනුව, කාශ්මීර දේශ සිමාවේ පකිස්ථානු හමුදාව විසින් එල්ල කරන අලද ෂෙල් වෙඩි ප්‍රහාර වලින් ඉන්දීය පරිපාලන කලාපයට අයත් 30 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර බොහෝ දෙනා සිය නිවෙස් අතහැර යමින් සිටින බව ඉන්දීය ආරක්ෂක අංශ වාර්තා කර තිබේ.

පසුගිය මස 23 වන දින කාශ්මීරයේ පහල්ගම් හිදී හින්දු සංචාරකයින් 25දෙනෙකු හා නේපාල ජාතිකයකු මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම්වන ලෂ්කර්-ඊ-තායිබා සහ ජයිෂ්-ඊ-මොහොමඩ් විසින් වෙඩි තබා මරා දැමීමෙන් අනතුරුව ඉන්දියාව හා පාකිස්ථානය අතර ආතතීන් ඉහල ගිය අතර එම සටන්කාමින් පාකිස්ථානයේ සහය මත ක්‍රියාත්මක වන බවට ඉන්දියාව දිගින් දිගටම චෝදනා කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...