පාඨලීගේ අභියාචනයට ලැබුණු තීන්දුව!

රෂිකා හෙන්නායක

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ  තමා අතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව මෙම විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන අධිශෝධනා පත්‍රය විභාගයට ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කොළඹ මහාධිකරණයට නියම කරනු ලැබූ බව සඳහන් වේ.

මෙම තීන්දුව, අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සන්ත කෝදාගොඩ මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ Xizangහි භූකම්පනයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් කඩිනම් සහන සේවා අඛණ්ඩව!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තයේ Nagqu නගරයේ Baqen කෝරළයේ ඊයේ...

කොළඹ මහ නගරසභාවත් බදු පොලු තියලා !

කොළඹ මහ නගරසභාව විසින් රුපියල් කෝටි 100කට අධික දැවැන්ත...

විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් ඇතුළු පිරිසගෙන් අධිකරණයට මෝසමක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විහාර...

අඩු පීඩන කලාපය බටහිර දෙසට – අද (23) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින අඩු පීඩන...