අවුරුදු දෙකට රනිල්ගේ විදෙස් සංචාර ලැයිස්තුවක් එළියට!

Date:

කොළඹ LNW:2022 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වූ නිල විදේශ සංචාර පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (08) පාර්ලිමේන්තුවේදි අනාවරණය කළේය.

අමාත්‍යවරයා පැවසූ පරිදි 2022 වසරේදී සංචාර 04ක් ද, 2023 වසරේදී සංචාර 14ක් සහ 2024 වසරේදී සංචාර 05 ක් ලෙස ගත වූ වසර 02කට විදේශ සංචාර 23 කට සම්බන්ධ වී තිබේ.

2022 වසරේදී එක්සත් රාජධානිය ගිය අරමුණ, දෙවන එලිසබත් මහ රැජිනගේ රාජකීය අවමංගල උත්සවයට සහභාගී වීම. ජපානය ගිය අරමුණ, ජපානයේ හිටපු අගමැතිතුමාගේ රාජ්‍ය අවමංගල උත්සවයට සහභාගි වීම. පිලිපිනය, ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවට සහභාගි වීම. හතරවෙනි සංචාරය 2022 ඊජිප්තුව කොප් 27, යූ එන් එෆ් සී සී ලෝක නායක සමුළුවට සහභාගී වීම ලෙස හිටපු ජනාධිපතිවරයා විදෙස් සංචාරයන් සිදුකර තිබෙන අතර2023 වර්ෂයේ සංචාර 14ක් සිදුකර තිබේ.

”එක්සත් රාජධානියට තුන්වෙනි චාල්ස් මහ රජුගේ රාජාභිෂේකය සඳහා සහභාගි වීම. ඊළඟ එක සිංගප්පූරුවට සංචාරයේ අරමුණ පැහැදිළි නැත. ජපානයට සමුළුවකට සහභාගී වීම. එක්සත් රාජධානිය 2023 අයි. ඩී. යූ. සමුළුවට සහභාගී වීම. ප්‍රංශය නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වීම. ඉන්දියාව ශ්‍රී ලංකා ජනාධිපති ධූරය භාර ගැනීමෙන් පසු කරන සංචාරය. සිංගප්පූරුව රාජකාරි සංචාරය. කියුබාව වර්තමාන සංවර්ධන අභියෝග පිළිබඳ ජී 77 සහභාගී වීම. නිව්යෝර්ක්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සමුළුවට සහභාගී වීම, සැසිවාරයට සහභාගී වීම. ඊළඟ එක, එක්සත් රාජධානිය 2023.09.22 දින වොල් හැම්ටන් විශ්ව විද්‍යාලයේ පැවැත් වූ උපාධි ප්‍රධානෝත්සවයට මෛත්‍රී වික්‍රමසිංහ සමග සහභාගී වී ඇති බව පෙනී යයි. ඊළඟ සංචාරය, ජර්මනිය බර්ලින් ගෝලීය සමුළුවට සහභාගී වීම, විනය ජාත්‍යන්තර සහයෝගිත්වය සඳහාත් තෙවන එක් තීරයක් එක් මාවතක් සමුළුවට සහභාගි වීම. මාලදිවයින ආචාරය මොහොමඩ් මුයිෂු මැතිතුමාගේ පදවී ප්‍රාප්තියට සහභාගි වීම. ඩුබායි එක්සත් අරාබි එමීර් රාජ්‍ය, යූ එන් එෆ් සී සී සමුළුවෙහි පක්ෂ සම්මේලනය සඳහා සහභාගී වීම.

2024 වර්ෂය සඳහා නිල විදේශ සංචාර 05යි. ස්විට්සර්ලන්තය ලෝක ආර්ථික සමුළුවේ වාර්ෂික හමුවට සහභාගී වීම, උගන්ඩාව, නොබැග් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම. ඔස්ට්‍රේලියාව. 07 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගි වීම. ඉන්දුනීසියාව 10වන ලෝක ජන සමුළුවේ නායක සමුළුව සඳහා සහභාගි වීම. ඊළඟට ඉන්දීය අගමැතිතුමාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම කියන විදිහට මේ වර්ෂ දෙකේ සංචාර 23 ක් කරලා තියෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...