විදුලි බිල ගැන රජයේ තීන්දුව මෙන්න!

Date:

කොළඹ LNW:පවතින තත්ත්වය තුළ විදුලි බිල ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් නැති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින් යොමුකරන ලද පැනයකට පිළිතුරු දෙමිනි.

අජිත් පී පෙරේරා මහතා විමසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාව අනුව ඉදිරියේ දී විදුලි බිල ඉහළ දැමීමට රජය කටයුතු කරන්නේ ද? යන්නයි.

ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ රජයට විදුලිබිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති වුවත් ණය ගෙවීම සඳහා විදුලිබිලෙන් ලැබෙන දායකත්වය ඉහළ බවයි.

කෙසේවෙතත් ලබන මාසයේ මුල් සතිය වනවිට මේ සම්බන්ධයෙන් නිවැරදි අදහසක් පළ කළ හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

“ඇත්තටම අපිටත් ඕනේ ගෙවල්වලට වගේම කර්මාන්ත සඳහා අවම මිලට විදුලිය ලබාදෙන්න. ඒක තමා අපේ ප්‍රමුඛ අරමුණ. සමහර වෙලාවට ඔබතුමන්ලාම අනිත්පැත්තට කෑ ගහනවා. එක පැත්තක අඩු කරනවා කියනවා. ගන්න මිල අඩුකරලා තමා දෙන මිලත් අඩු කරන්නේ. අනිවාර්යෙන්ම අඩු කිරීමේ හෝ වැඩි නොකර සිටීමේ අරමුණින් තමා අපි වැඩ කරන්නේ. මොකද මේ තත්ත්වය තුළ අපි කටයුතු කරන්නේ. අපි කොහේවත් IMF කිව්වා කියලා වැඩිකරලා නෑ. එහෙම තීරණයක් අරගෙනත් නෑ. විදුලිබල මණ්ඩලය ගණනයන් තාම භාරදීලත් නෑ. මේ මාසේ අග ලබන මාසේ මුල වෙද්දි තමා මහජන උපයෝගීතා කොමිසමෙන් ගන්නේ. තාම තීරණය කරලා නෑ. අපි සුබවාදීව හිතනවා වැඩිකිරීමට නොයා ඉන්න. නමුත් අනිත් පැත්තෙන් ගොඩක් දේවල් තියෙනවා. ණය තියෙනවා. ණය ගෙවීමේ යම් පංගුවක් විදුලිබිලට එකතු වෙන්න තියෙනවා. ලබන මාසේ මුල වෙද්දි අපිට කියන්න පුළුවන්. ඒ වගේ නෙගටිව් තැනක ආණ්ඩුව නෑ.” යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...