*
Thursday, May 8, 2025
spot_img

Latest Posts

ආණ්ඩුව තවමත් IMF එකට යටවෙලාද? විපක්ෂ නායකගෙන් ප්‍රශ්න වැලක්!(VIDEO)

කොළඹ LNW:දුප්පත් හා අසරණ වූ ජනතාව එම තත්ත්වයෙන් මුදාව ගැනීම සදහා වඩාත් ශක්තිමත් හා නිවැරදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා කිරිම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති මාලාවේ සඳහන් වුවද වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පෙර පැවැති රජයේ ප්‍රතිපත්ති හා යමින් කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ අනුව රජය මැතිවරණ පොරොන්දු පවා කඩකර ඇති බවයි ඔහු අද (08) පාර්ලිමේන්තුවේදී පැවසුවේ.

ස්ථාවර නියෝග 27 (2) යටතේ ඒ සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න කිහිපයක්ම විමසා සිටීමට විපක්ෂ නායකයා කටයුතු කරන ලදී.

විදුලි බිල වැඩි වීම සිදුවන්නේ කොපමණ මුදලකින් ද?

පසුගිය දා පැවැති අයි එම් එෆ් සිව්වන සමාලෝචනය ගැන කාර්යමණ්ඩල ගිවිසුම සම්බන්ධයෙන් වන මාධ්‍ය සාකච්ඡාවේ දී විදුලි බිල පිරිවැය ප්‍රතිසාදන පදනම මත පිහිටි මිල ගැලපුම් යාන්ත්‍රණය නිසි ක්‍රියාකාරීත්වට ගෙන ආ බව ප්‍රකාශ වූ බවත් ඒ අනුව ප්‍රතිසාදන පදනම යටතේ සිට වත්මන් රජය විදුලි ගාස්තු වැඩි කරන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

IMF එක කියන ප්‍රතිසාදන පදනම සහ මහජන උපයෝගීතා කොමිසම ක්‍රියාත්මක කරන ප්‍රතිසාදන පදනම මත මිල ගැලපුමේ පරස්පරතා රැසක් ඇති මුත් රජය අයි එම් එෆ් එකේ තීන්දුව පිළිගෙන ඇති බවත් මෙය බරපතල ගැටලුවක් බවයි හෙතෙම සඳහන් කළේ.

මෙසේ විදුලි ගාස්තු වැඩි කිරීමෙන් ජනතාවට සිදුවන බලපෑම ගැන තක්සේරුවක් කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මෙහි දී විදුලි බිල කොපමණ ප්‍රමාණයක් වැඩි වන්නේ ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් 0-90 දක්වා වන ප්‍රමාණයේ කොපමණ මුදලක් වැඩි වේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදේශීය ඩිජිටල් සේවා සපයන්නන්ට විශාල බද්දක් පනවන්නේ ඇයි?

රජය විදේශීය ඩිජිටල් සේවා සපයන්නන් වෙනුවෙන් පැනවූ බදු මගින් අපේක්ෂිත ආදායම හා මේ තීරණයට බලපෑ අයි එම් එෆ් නිර්දේශ දැන ගැනීමට අවශ්‍ය බවත් අයි එම් එෆ් එක 30%ක් බදු ගහන්න කිව්වත් රජය 15%ක් පමණක් බදු ගහන බවට දැන ගන්නට ඇති බවත් මේවාට බදු අය කරන්නේ ඇයි ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ඩිජිටල් සේවා සපයන්නන් විසින් විශාල මුදලක් උපයන හෙයින් ඔවුන් අප රටේ සිටින ව්‍යවසායකයන් බවත් එම ව්‍යවසායකයන්ට ද මේ තරම් විශාල බද්දක් අය කරන්නේ IMF නිර්දේශයක් නිසා ද කියා දැන ගැනිමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරන ලදී.

රජය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙන්ම ළමා තැන්පතුවලටත් බදු ගහනවා

රජය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා ජූලි 1 වැනිදා සිට සංශෝධිත පොලී යෝජනාවක් ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කර ඇති බවත් 15%ක අවම පොළිය ඉන් තහවුරු වන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවයි ප්‍රේමදාස මහතා පැවසුවේ.

ආණ්ඩු ගණනාවක් 15%ක පොලියක් ජ්‍යෙෂ්ට පුරවැසියන්ට ලබා දුන්නත් දැන් එය නොලැබෙන බවත් ළමා තැන්පතු මගින් අය කර රදවා ගැනිමේ බදු නිසා සාමාන්‍ය ජනතාවට ගැටලු රැසක් මතුව ඇති බවත් පොඩි දරුවන්ගේ ගිණුම්වලින් පවා බදු ගහන තැනට රට පත්ව ඇති බවත් මෙය සාධාරණ ද කියා රජයෙන් ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

TIN අංකය ගන්න අමාරුයි. හරි ක්‍රමයක් හදන්න

ආණ්ඩුව විසින් අවුරුද 18ට වැඩි අයට TIN අංකයක් ලබා ගන්න නියම කර ඇති මුත් එම අංකය ලබා ගැනීම අපහසු වී ඇති බවත් මේ TIN අංකය ලබා දීමට වැඩපිළිවෙළ පැහැදිලි කරන ලෙසත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන්ට ඇතිවන අපනයන කෙරෙහි එස්වැට් එක නිසා සිදුවන මූල්‍ය පීඩනය ගැන රජය තක්සේරුවක් කර ඇති ද කියා දැන ගැනිමට අවශ්‍ය බවත් මේ එස්වැට් එක නැවත ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දි පෙන්වා දුන්නේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan