සටහන: සශිකලා මධුෂාණි
මැයි 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(07)දිනයේදී එකසත් ජනපදය හා ඉරානය අතර හෝර්මුස් සමුද්ර සන්ධියේ සිදු වූ වෙඩි හුවමාරුව හුදෙක් ප්රේම සම්බන්ධයක් පමණක් බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර තිබේ.
එක්සත් ජනපද ABC පුවත් ඒජන්සිය සමඟ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කර තිබුණු අතර වෙඩි හුවමාරුව සිදුවුවත් ඉරානය සමඟ සටන් විරාමය තවමත් ක්රියාත්මක බවත්, එක්සත් ජනපද මිලිටරි නෞකාවන්ට ඉරානය විසින් එල්ල කළ ප්රහාර හේතුවෙන් මෙම වෙඩි හුවමාරුව සිදු වූ බවත් ජනාධිපති ට්රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේ නමුත් ඉරානය එක්සත් ජනපදයට චෝදනා කරමින් සඳහන් කර තිබුණේ, එක්සත් ජනපද හමුදා ඉරානයේ සිවිල් ප්රදේශ වලට ප්රහාර එල්ල කරමින් සටන් විරාමය උල්ලංඝණය කළ බවයි.

