*
Monday, May 20, 2024
spot_img

Latest Posts

ජාතික කණ්ඩායමට සුදුස්සියන්ට ගොඩ විය හැකි මඟක, ආසන්නම පඩිය “ජාතික සුපර් ලීග් 2024”

සටහන – නිශ්මං රණසිංහ

මැයි 08, කොළඹ (LNW): ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් බිම් මට්ටමේ ක්‍රිකට් ව්‍යාප්තියේ ඉහළ ප්‍රතිපල භුක්ති විදිමින් සිටින්නේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟය.පිරිමි ක්‍රිකට් හී සංදර්භය කාලයක් තිස්සේ පැවති එකක් බැවින් සහ කාන්තා ලෙසර් බෝල් ක්‍රිකට් ආරම්භවීමේ ඉතිහාසය දිගු එකක් නොවීම නිසා කාන්තා ලෙදර් බෝල් ක්‍රිකට් ව්‍යාප්තියේ මුල සිටම එය රටේ පැතිරුණු ස්වභාවයක් පෙන්නුම් කරනවා.ඒ සම්බන්ධයෙන් නම් සහිත උදාහරණ කොතෙකුත් ගත හැකි වුව ද,වඩා වැදගත් වන්නේ ඒ ක්‍රියාදාමයන් හරහා මතුවන ක්‍රීඩිකාවන් දෙස සුපරික්ෂිකාරීව අධ්‍යයනයකින් යුතුව අවධානයෙන් සිටීමයි.


එසේම පහළ වයස් කාණ්ඩවල සිට ශ්‍රී ලංකා ක්‍රිකට් එකතු වී ජාතික මට්ටමෙන් දක්ෂයන් රොඳ බැඳෙන ආකාරයේ තරගාවලි සංවිධානය කරන අතර එ් හරහා තෝරා ගැනෙන දක්ෂයන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා දීමද සිඳු වෙමින් පවතිනවා. මේ ආකාරයට අවුරුදු 23 න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලියකට ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සුපර් ලීග් 2024” නමින් පිවිසෙන්නට සූදානම් වෙනවා.ජාතික කණ්ඩායම කරා දක්ෂයන් ගෙන එන පියගැට පෙළක් බඳු වැඩ සටහනක ශක්තිමත්ම සහ ආසන්නම පඩිය ලෙස ගත හැක්කේ මෙම තරගාවලියයි.එහි යම් පිරුණුඅත්දැකීම් සහිත සුදුසුකමක්ද ඇති තාරුණ්‍යයක දක්ෂතා දැකිය හැකියි. මෙම තරඟාවලිය මැයි 15 වනදා ආරම්භ වන අතර තරගාවලියේ අවසාන තරගය මැයි 26 වන දා පැවත්වීමට කටයුතු සම්පාදනය වී තිබෙනවා.

කොළඹ, ගාල්ල, මහනුවර සහ දඹුල්ල යන කණ්ඩායම් හතරක් තරඟ වදින මෙම තරඟාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පාදක කරගෙන පැවත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්ය සාධන යෞවන වැඩසටහන් උපාය මාර්ගයට අනුකූලව පවත්වන මෙම තරගාවලියේ එක් කණ්ඩායමක සංචිතයක් සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් කර තිබෙන අතර අවසන් මහා තරගය ද ඇතුළුව තරගාවලියට ඇතුළක් වන මුළු තරග සංඛ්‍යාව 13ක්. මෙම කණ්ඩායම් හතරේ නායකත්වය සඳහා මනුදි නානායක්කාර (කොළඹ),දෙව්මි විහංඟා (ගාල්ල),රශ්මිකා සෙව්වන්දි (මහනුවර) සහ විදුශිකා පෙරේරා (දඹුල්ල) නම් කර තිබෙනවා.

.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan