*
Monday, May 20, 2024
spot_img

Latest Posts

ඩයනාට දුන්න තීන්දුව මරු- රගර්වලට නීතිය ඉදිරියට යන්නේ නැද්ද?

සටහන – නිශ්මං රණසිංහ

මැයි 09, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ නීතියේ විශ්වසනීයත්වය පෙන්වන අධිකරණය මඟින් දුන් ඓතිහාසික නඩු තීන්දුවක් හැටියට ඩයනා ගමගේ ගේ නඩු තීන්දුව හඳුන්වන්න පුළුවන්.ඒ නඩු තීන්දුවට විශාල වශයෙන් බලපෑවෙ මේ රටේ මහජන නියෝජිතයෙක් විම සඳහා බලපාන සාධක ඇය සතුව නොවිමයි.ඇයට ඒ මඟ ඇහිරිලා තියෙන්නෙ ආගමන විගමන නීතිය යටතේ මේ රටේ මහජන නියෝජිතයෙක් වීමට නුසුදුසු වීමෙන්.


ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේනම් මේ ආගමන විගමන නීතිය තඹයකට මායිම් කරන්නේ නැහැ.මහජන නියෝජිතයන් ලෙස පත් වී එන ක්‍රීඩා ඇමතිවරු ඒ නීතිය උල්ලංඝණය කිරීමට සම්බන්ධ බවට ජාත්‍යන්තර වශයෙන් සාක්ෂි තියෙන අයව අරගෙන,ව්‍යවස්ථානුකූලව පත් වුණ රගර් පරිපාලනයට අකුල් හෙලන්න ඊට උඩින් ගෙනත් පාලනයට සම්බන්ධ කරනවා.ඒක ප්‍රතික්ෂේප කරාම තමන්ගෙ යටතෙ ඉන්න රාජ්‍ය නිලධාරීන්ට අන්ධයන් හැටියට හැසිරෙන්න කියලා රගර් තහනම් කරනවා.හැබැයි ඒ අවස්ථාවලදි ඩයනාව ඉවත් කළ ආකාරයටම රටේ අධිකරණය ස්වාධීනව කටයුතු කරනවා.


ලංකාවෙ රගර් පරිපාලනය එක් අවස්ථාවක ෆීජි ජාතිකයෙක් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් විදිහට අරුත් ගන්වා,ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ බව ඔප්පු වෙලා ජාත්‍යන්තර රගර් සම්මේලනයෙන් පවුම් 50000 ක දඩයකට යටත් කරනවා.ඉතිං ඒවට මුල් වෙච්චි මිනිස්සු ලංකාවෙ රගර්වල තියා ගන්නව ද නැද්ද කියන එක තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ.ජාත්‍යන්තරයට තියෙන්නෙ දඩ ගහන්න.ඒ දඩේ වැඩේට හවුල් වෙච්චි මුල් වෙච්චි මිනිස්සුන්ගෙන්ද අය කරන්නෙ නැතුව සංගමයක් හැටියට සංගමය ඒක දරා ගන්නවද කියන එක වගේම,සංගමයේ නමට කැළලක් ඇති කළ පුද්ගලයාට ආයෙ ලංකාවේ රගර්වලට සම්බන්ධ වෙන්න තියෙන ඉඩ වහනවද නැද්ද කියන එකත් රගර්වලටම අදාළ වැඩක්.


කොහොම නමුත් ඩයනා එළියට යවන්න තරම් ප්‍රබල වූ ආගමන විගමන නීතියට පිටින් වැඩ කරලා රටේ රගර් ක්‍රීඩාව වංචනික තැනකට ඇද දාලා රටේ නමට හොර නාමයක් ගෙනාපු මිනිස්සුන්ට ලංකාවෙ රගර් ක්‍රීඩාවට පමණක් නෙමෙයි විවිධ ක්‍රීඩාවලට සම්බන්ධ වෙලා පිණුම් ගහන්න දීලා ක්‍රීඩා අමාත්‍යංශය බලාගෙන ඉන්නවා වගේම,ඒ අයට ලංකාවෙ රගර් අවුල් කරන්න ආසියාව එක්ක,ලෝකය එක්ක කටයුතු කරන්නත් ඉඩ දීලා අත බැඳගෙන ඉන්නවා.ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තමන්ගෙ යටතේ තියෙන ක්‍රීඩා පරිපාලනයකට පවුම් 50000 ක දඩයක් ගහලා තියෙනවද?ඒකට හේතුව ලංකාවට හොර නාමයක් එකතු වෙන විදිහට විදේශ ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවෙ පුරවැසියන් ලෙස ලෝකයට ඉදිරිපත් කරමින් කටයුතු කිරීමද?එහෙම කරපු අයට තව දුරටත් මේ රටේ ක්‍රීඩා පරිපාලන ඒකකවලට සමබන්ධ වෙන්න දෙනවද?ඒකට වගකිව යුතු එවකට සිටිව රගර් ක්‍රීඩාවේ ප්‍රධාන නිලධාරීන් කවුද? ඒ අයට දැන්වත් වරදට දඬුවම් දෙන්නෙ නැද්ද?අපේ කාලෙ වෙච්චි දේවල් නෙමෙයි කියලා හඳුනාගත් වරදකරුවන්ට නිදැල්ලේ හැසිරෙන්න දෙනවාද?


රගර් පරිපාලනයේ ලියකියවිලි පරික්ෂා කරන්නට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අවසර තියෙනවා.පවුම් 50000 ක දඩයක් ගහලා තියෙනවද?ඒකට හේතුව ආගමන විගමන නීතිය වැරදියට භාවිතා කරමින් විදේශිකයෙක් ශ්‍රී ලංකාවට ව්‍යාජ අන්දමින් ක්‍රීඩා කරවීමද?ඒක එහෙනම් ඊට සම්බන්ධ අය ජාත්‍යන්තරය ඉදිරියේ රට අපකීර්කියට පත් කිරිම වෙනුවෙන් රටේ ව්‍යවස්ථාවෙන්ම වැරදිකරුවො වෙනවා.මේක ජාත්‍යන්තරය ඉදිරියේ රට අපකීර්තියට පත් කරපු ජාත්‍යන්තර හොර වැඩක් නේද?


ක්‍රීඩා ඇමති ද,එහෙම නැත්නම් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද මේ ඓතිහාසින වැරදිකරුවන්ට දඬුවම් දෙන්න මැදිහත් වන්නෙ.ඒ වගෙම මේ රටේ අධිකරණය ඉදරියට යන්න රගර් ප්‍රේමීන් නැද්ද?අපි ක්‍රීඩාවේ නාමයෙන් ඉවසා බලා සිටින්නෙමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan