*
Monday, May 20, 2024
spot_img

Latest Posts

(VIDEO):අප්‍රේල් 10 අගමැතිකම ගත්ත නම් මේ ප්‍රශ්න මොනවත් නෑ.මම මට පුළුවන් දේ කළේ – රනිල් සජිත් මුහුණට මුහුණ ගැටෙයි!

කොළඹ LNW:අද (09) පාර්ලිමේන්තුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන ලද විශේෂ ප්‍රකාශයෙන් පසු කරුණු පැහැදිලි කරගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතා කරමින් සිටියදී ඊට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බාධා කරමින් පැවසුවේ කරුණු පැහැදිලි කරගැනීමක් වෙනුවට විපක්ෂ නායක විසින් කතාවක් කරමින් සිටින අතර එය දෛනික න්‍යාය පත්‍රයට බාධාවක් බවයි.

මේ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතාද නැගී සිටිමින් පැවසුවේ එදා අප්‍රේල් 10 සජිත් ප්‍රේමදාස මහතා විසින් අගමැතිකම භාර ගත්තේ නම් අද ඇසීමට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන අතර වත්මන් ස්ථාවරයට රට ගෙන ආවේ තමන්ට හැකි ලෙස බවයි.

මේ අවස්ථාවේදී සභාවේ උණුසුම් තත්ත්වයක් මතු වූ අතර රනිල් වික්‍රමසිංහ මහතාද සභාවෙන් ඉවත්ව යාම සිදුවිය.

ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසා සිටියේ තමන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු නොදී පැන යන්නේ ඇයිද යන්නයි.

ජනාධිපතිවරයා කතා කරන අවස්ථාවේ නිහඬව ඊට සවන් දුන් අතර දැන් ඒ සම්බන්ධයෙන් නගන ප්‍රශ්නවලට ඔහු පිළිතුරු දිය යුතු වන බවයි ප්‍රේමදාස මහතා පැවසුවේ.

කෙසේවෙතත් මේ අවස්ථාවේදී අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාද නැගී සිටිමින් සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව අදහස් දක්වන ලදී.

කරමින් සියලු බාධා මැද තමන් විසින් කරන ලද කතාව විවාදය අතරතුර නැවත සිදුකරන බවයි ප්‍රේමදාස මහතා තවදුරටත් සඳහන් කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan