*
Monday, May 20, 2024
spot_img

Latest Posts

ජනපතිගේ මල්වට්ටියට අත නොගැසීමට හේතු විපක්ෂ නායක පැහැදිලි කරයි

ජනාධිපතිවරයා විසින් ගිනිගත් රටක් අපායක් බාර ගත් බවත් ජාත්‍යන්තර සම්බන්ධකම් තිබුණ නිසා වගකීම බාර ගත් බව පැවසුවත් වත්මන් තත්ත්වය දෙස බලන විට පෙනී යන්නේ ජනතාවගේ කරපිට අසහනය පීඩනය කලකිරිම දුක කදුල වේදනාව ඇති නව සාමාන්‍යකරණයක් සහිත යුගයක් බවත් ආර්ථිකය හිතාමතාම හකුලකා දුප්පත්කම වැඩී වි ගෑස්, තෙල්, විදුලි බිල් වැඩි වී ව්‍යාපාර කඩා වැටී මන්දපෝෂණය වැඩි වී ව්‍යාපාරික ප්‍රජාවගේ දේපල වෙන්දේසි කරන යුගයක සාමාන්‍ය ජනතාවගේ ජනජීවිත බරපතල අවදානමට ලක් වූ යුගයක ප්‍රශ්නවලට පිළිතුරු නොදී ජනාධිපතිවරයා පැන ගිය බවත් මේ රටට අවශ්‍ය පැනල යන නිවට නායකත්වයක් නොව විවේචනවලට සවන් දී ඒවා අවබෝධ කර ගෙන ඒවාට පිළිතුරු සපයන නායකත්වයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාගේ කතාවට පිලිතුරු කතාවක් සිදු කරමිනි.

අස්වැසුමත් කිසිම විද්‍යාත්මකභාවයකින් තොරයි

අස්වැසුම වැඩසටහන සැබැ දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් නම් එහි ආයෝජනය, පාරිභෝජනය, ඉතිරි කිරිම, නිෂ්පාදන, අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයකට මුල පුරන වැඩපිළිවෙළක් නොමැති බවත් ජනාධිපතිවරයා පත් වූ මොහොතේම ජන සංගණනයක් සිදු කර දරිද්‍රතා රේඛාව හදුනා ගෙන ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කර අවබෝධ කර ගෙන අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු වුවත් එවැන්නක් සිදු නොකර මුදල් ලබා දෙන වැඩසටහනක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය ..

අයි.එම්.එෆ්. කියන ජනතා හිතකාමී වැඩසටහන රජය ක්‍රියාත්මක කළේ නැහැ

වසර 2ක් අයි.එම්.එෆ්. ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන අලස ආකාරයට යන බවත් මේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන නිවැරදිව කරන රටවල් තිබුණත් අප රට ඒ රටවල කොටසකට අයත් නොවන බවත් දෙවැනි මුදල් ටික ලැබුණෙත් පමා වී බවත් 3 වැනි මුදල් ටික මාර්තු මාසයේ ලැබෙන්න තිබුණත් නොලැබුණු බවත් එයට හේතුව අයි. එම්. එෆ්. එක යෝජනා කරනා ජනතා හිතකාමී සුබවාදී වැඩසටහන, විනිවිදභාවය, වගකීම හා වගවීම යනාදී සංකල්ප ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය කටයුතු කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බිලියන 2ක් ණය ගෙවලා බිලියන 3ක් ණය අරන්

බහු පාර්ශ්වීයව ණය ලබා දුන් කණ්ඩායම්වලට බිලියන 2ක් ණය ගෙව්වා කිව්වට තවත් බිලියන 3ක් ණය ලබා ගෙන ඇති බවත් වැල් පාලමෙන් ගොඩ වීම මෙයද කියා ප්‍රශ්න කරන බවත් මේ හැමදේම ජනතාව ඇන්දවීමක් බවත් මේ වන විට ණය බරතාව මෙන්ම දුෂණය ද වැඩි වී ඇති බවත් වැඩි කරන ලද ආදායම් බදුවලින් 40%ක් වෙන් කර ඇත්තේ හමුදා ඇදුම් සහ කෑමට බවත් ඇදුම් සහ ආහාර දිය යුතු වුවත් මේ මුදල් බිලියන 75කින් වැඩි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.

බදු ගැහුවත් බදු වියදම් කරන ආකාරය ගැන විනිවිදභාවයක් නොමැති බවත් මේ මුදල් යන පාර්ශ්ව සහ සැපයුම්කරුවන් ගැන තොරතුරු අවශ්‍ය බවත් අර්ථසාධක අරමුදලේ වගකීම වගවීම විනිවිදභාවය සාක්ෂාත් කරන්න සුමන්තිරන් මැතිතුමා ඉදිරිපත් කරපු බිල් එකටත් එකග වන ලෙසත් ඒ තුළින් අර්ථසාධකේ වගකීම වගවීම හා විනිවිදභාවය ක්‍රියාත්මක බවත් එය කරන්න රජය සූදානම් නොමැති බවත් මේ තුළින් පවා මංකොල්ලකන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය .

රජය වෙළෙඳපොළ සංවේදීතාවට වඩා හොරුන්ගේ සංවේදීතාව ගැන සිතනවා

සිංගප්පූරුවට ජපානයට වෙළෙඳපොළ තොරතුරු එළිදක්වනවා නම් ලංකාවට බැරි ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් එසේ හෙළිදරව් නොකරන්නේ වෙළෙඳපොළ සංවේදීතාව ගැන සිතා නොව හොරුන්ගේ සංවේදීතාව ගැන සිතා බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

බදු සහන නිසා 2022/ 2023 බිලියන 978ක් අහිමි වෙලා

එමෙන්ම බදු සහන ලබා දීම තුළ අප රටට 2022/ 2023 වසරේ රු. බිලියන 978ක් අහිමි වී ඇති බවත් එය සමස්ත බදු ආදායමෙන් 56%ක් බවත් අයි.එම්.එෆ්. එක කිව්ව ආකාරයට මූල්‍ය වාර්තාකරණය විනිවිදභාවයෙන් යුක්ත විය යුතු නිසා බදු සහන ලබා දුන් ආයතනවල නම් ප්‍රසිද්ධ කරන්න කිව්වත් තවම සිදු කර නොමැති බවත් එසේ සැගවිමට හේතු කවරේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී කීවේය .

ජනතාවට පිළිතුරු නොදී ජනපති ගිය එක අසාධාරණයි

යහපත් රාජ්‍ය පාලනය කේන්ද්‍ර කර ගත් බැදුම්කර සඳහා ණය කරුවන් සූදානම් බවත් යහපත් රාජ්‍ය පාලනයක් ඇත්නම් ණය පොළියෙන් කොටසක් කප්පාදු කිරීමට කැමති වුවත් රජය එකග නොවන හේතුව සිතාගත නොහැකි බවත් යහපත් රාජ්‍ය පාලනය කේන්ද්‍ර කර ගත් බැදුම්කරයකට ගියහොත් ගෙවීමට ඇති පොලී අනුපාතයෙන් කොටසක් කප්පාදු කර ගත හැකි බවත් මේවාට පිළිතුරු නොමැති නිසා ජනාධිපති ගිය බවත් එය රටේ ජනතාවට කළ අසාධාරණයක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය .

හොරු රකින මල්වට්ටියටද අතගහන්න කියන්නේ

ජනාධිපතිවරයා මල් වට්ටියට අත ගහන්න කිව්වත් කෙහෙළියගේ ක්‍රියාදාමය අනුමත කරමින් අත් උස්සපු 113ක් සිටි බවත් ඖෂධ වංචාව රකින්න යැයි පැවසීමක් බවත් සංචාරක ක්ෂේත්‍රයේ වීසා ගැටලුව නිසා සිදු වූ හානියට එක්වන ලෙසද කියා ගැටලුවක් ඇති බවත් මේ වන විට රජය තරගයට බාර් බලපත්‍ර ලබා දී ඇති බවත් මෙම බාර් ලයිසන් ලබා ගත් අයගේ නම් හෙළිදරව් කරන ලෙසත් සමගි ජන බලවේගය කිසිදා බාර් ලයිසන් නොගන්නා බවත් සමගි ජන බලවේග රජයක් තුළ මේ බාර් බලපත්‍ර ඉවත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.

සුබවාදී ඕනෑම දෙයකට සහයෝගය ලබා දෙන බවත් මහ බැංකු පනතට සහයෝගය දුන්නේ ඔවුන්ට හිතු හිතු හැටියට වැටුප් වැඩි කර ගැනීමට නොව දේශපාලනඥයන්ට හිතු හිතු වේලාවට මුදල් අච්චු ගැසීමට නොවන බවත් දූෂණ විරෝධී පනතට පවා සහයෝගය ලබා දුන් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan