PHOTOS):වසන්ත කරන්නාගොඩට එරෙහිව අද අලුත්කඩේ විරෝධයක්!

Date:

කොළඹ LNW: අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් නිහඩ විරෝධතාවක් හා ජනතාව දැනුවත් කිරීම සදහා අත් පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනක් අද (09) කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සංවිධානය කර තිබුණි.

ඒ,නාවික හමුදාව මගින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කළ නඩුවේ 14 වෙනි චුදිත ලෙස නම් කර සිටින හිටපු නාවික් හමුදාපති වසන්ත කරන්නගොඩ, එම චෝදනාවලින් ඉවත් කිරීමට නීතිපති දරණ උත්සාහයට විරෝධය පළකරමිනුයි.

2008 වසරේ අගෝස්තු සැප්තැම්බර් කාලය තුළ මෙම අතුරුදහන් වීම් වාර්තා වී තිබුණු අතර තවදුරටත් එම නඩුව අධිඅක්රණයේ විභාග වෙමින් පවතියි.

එම පවුල්වල සාමාජිකයින් මෙන්ම ඊට යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා වෙහෙසෙන පිරිස් දිගින් දිගටම මේ වෙනුවෙන් හඬ නගමින් සිටියද තවදුරටත් ඊට බලාපොරොත්තු වන යුක්තිය ඉටුව නැත.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාංචු වැටුණු ශ්‍රී ලංකන් හිටපු ලොක්කාට එල්ල වී ඇති චෝදනා මෙන්න!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

පලස්තීනයේ නිදහස් වෙනුවෙන් ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණයක! (PHOTO STORY)

කොළඹ LNW:ඇමරිකන් - ඊශ්‍රායල් ලේ පිපාසිත යුද්ධයට විරෝධය පළකරමින්...

පුත්තලමේත් සමඟියේ සභිකයෙකුට පක්ෂයේ දොර වැහෙයි!

කොළඹ LNW:පුත්තලම මහ නගර සභාවට සමගි ජන බලවේගය නියෝජනය...

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු...