මහ කන්නයේත් වී අස්වැන්න අපේක්ෂා කළ තරමට නෑ. අවශ්‍ය වුණොත් සහල් රටින් ගෙන්වනවා – ඇමති වසන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර මහ කන්නයේදීත් අපේක්ෂා කළ තරමට වඩා වී අස්වැන්න අඩුවී ඇති බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

“2024 – 25 මහ කන්නයේත් අපේක්ෂා කරපු වී අස්වැන්නට වඩා මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් අඩුවෙන් තමයි අපට අස්වැන්න ලැබිලා තියෙන්නෙ. කීරිසම්බා හිඟයක් පවතින බවට එළියේ මාකට් එක ඇතුළෙ හදමින් තියෙන කතාවක් තියෙනවා. ඒකටත් අපි තීරණයක් අරන් තියෙනවා, අවශ්‍ය වුණොත් සහල් යම් සහල් ප්‍රමාණයක් ගෙන්වන්න. දේශීය සහල් අනෙකුත් නිෂ්පාදන සඳහා ගන්න එක වෙනුවට, විශේෂයෙන් බියර් සඳහා මෙට්‍රික් ටොන් 18000ක් පමණ අවුරුද්දකට පාවිච්චි කරනවා. ඒකට අවශ්‍ය සහල් ටිකත් ගෙන්නලා දෙන්න ඒ නිෂ්පාදකයින් සමග සාකච්ඡා කරලා ඒ සහල් ටික ගෙන්නලා දෙන්න කතා කරන්නත් අපි තීරණයක් අරන් තියෙනවා. ඒ සහල් ගෙන්නලා මාකට් එකට යන්නෙ නෑ එතකොට. ඒ කටයුත්ත අපි කරනවා, එතකොට කර්මාන්තය සුරක්ෂිතයි”

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 08) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ සැඟවුණු කතාව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඇඟලුම්...

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...