*
Friday, May 9, 2025
spot_img

Latest Posts

ශ්‍රීලංකන් කාගෝ IATA ලිතියම් බැටරි සහතිකකරණය හිමිකරගනී

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo) පසුගියදා CEIV ලිතියම් බැටරි සහතිකකරණය (Center of Excellence for Independent Validators – Lithium Batteries) හිමි කරගැනීමට සමත් විය.

මෙම සහතිකකරණය පිරිනමනු ලබන්නේ ජාත්‍යන්තර ගුවන් සේවා සංගමය [International Air Transport Association (IATA)] මගිනි.

ඒ අනුව දැන් ශ්‍රීලංකන් ගුවන් සේවය ලොව ලිතියම් සහ සෝඩියම් අයන් බැටරි ප්‍රවාහනය සම්බන්ධයෙන් මෙම විශිෂ්ටතා තත්ත්ව සහතිකය හිමිකරගත් ප්‍රධාන පෙළේ ගුවන් සේවාවන් හා සේවා සම්පාදක සමාගම් අතරට එක් වී සිටී. දකුණු ආසියානු කලාපයේ ගුවන් සේවාවකට මෙම සහතිකකරණය හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

දැඩි පරීක්ෂණ හා විගණන ක්‍රියාපටිපාටියකින් අනතුරුව මෙම සහතිකකරණය ශ්‍රීලංකන් කාගෝ වෙත පිරිනමන ලදි. එය හිමි වීම මගින් තහවුරු වන්නේ, සංවේදී ලිතියම් සහ සෝඩියම් අයන් බැටරි ඇතුළුව සියලුම කාණ්ඩයන්ට අයත් ගුවන් භාණ්ඩ විශිෂ්ට ලෙස හැසිරවීම සඳහා ශ්‍රීලංකන් කාගෝ සේවාවට හැකියාව ඇති බවයි.

“මෙය ශ්‍රීලංකන් කාගෝ සේවාවේ ඉදිරි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක්. මෙමගින් අපට ලිතියම් හා සෝඩියම් අයන් බැටරි මෙන්ම බැටරි භාවිතා වන භාණ්ඩ සුරක්ෂිත ලෙස හැසිරවීමට හැකියාව ඇති බව තහවුරු වෙනවා. එමෙන්ම මෙම සහතිකකරණය හිමි වීමත් සමග මෙබඳු භාණ්ඩ ගුවන් මගින් ප්‍රවාහනය කිරීමට තිබූ බාධාවන් ඉවත් වන නිසා, ක්‍රමයෙන් වර්ධනය වන විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රය තුළින් උපරිම ප්‍රයෝජන ලබමින් නව ආදායම් මාර්ග නිර්මාණය කරගැනීමටත් අපට හැකියාව ලැබේවි.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා ප්‍රධානී චමින්ද පෙරේරා මහතා පැවසීය.

“ලිතියම් සහ සෝඩියම් අයන් බැටරි රටවල් අතර ප්‍රවාහනය කිරීම ඉහළ යමින් පවතින පසුබිමක් තුළ, ඒවා සුරක්ෂිත සහ කාර්යක්ෂම ලෙස ප්‍රවාහනය කිරීමේ වැදගත්කම අන් කවරදාටත් වඩා දැඩි ලෙස ඉස්මතු වී තිබෙනවා. IATA හි CEIV Lithium Batteries වැඩසටහන සැලසුම් කර ඇත්තේ සැපයුම් දාමය පුරාවටම නිසි රෙගුලාසිවලට අනුකූලව එම කටයුතු සිදු වන බව තහවුරු කරගැනීමේ අරමුණින්. CEIV Lithium Battery සහතිකකරණය හිමිකර ගැනීමට සමත් වීම සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වෙත අපගේ උණුසුම් සුබපැතුම් මෙසේ පිරිනමනවා. මෙමගින් ලිතියම් සහ සෝඩියම් අයන් බැටරි සුරක්ෂිත ලෙස ප්‍රවාහනය කිරීමට ශ්‍රීලංකන් කාගෝ සතු හැකියාව හොඳින් තහවුරු වන නිසා එය ඔවුන්ගේ පාරිභෝගිකයන් තුළ ඇති විශ්වාසය වැඩිදියුණු කරන ප්‍රධාන සාධකයක් බවට පත් වේවි.” IATA හි ගෝලීය ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශ ප්‍රධානී බ්‍රෙන්ඩන් සලිවන් මහතා පැවසීය.

මෙම සහතිකය පිරිනැමීම සඳහා සිදු කළ විගණනයේදී ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය විසින් භාණ්ඩවල ප්‍රමිතිය සහ ආරක්ෂාව උදෙසා අනුගමනය කරනු ලබන විධිවිධාන, කාර්ය මණ්ඩලයේ දැනුම, පුහුණු කිරීමේ ක්‍රියාවලි, ලිපිලේඛන භාවිතය, යටිතල පහසුකම්, උපකරණ, පාරිභෝගික කළමනාකරණය සහ මෙහෙයුම් කටයුතු ඇතුළු සියල්ල පරීක්ෂාවට ලක්කෙරිණි. ලිතියම් සහ සෝඩියම් අයන් බැටරි සුරක්ෂිතව ප්‍රවාහනය කිරීමේ සහ ගබඩා කිරීමේ හැකියාව ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය සතු බව එමගින් සනාථ විය.

මෙම සහතිකකරණය මගින් ශ්‍රීලංකන් කාගෝ සේවාවේ හැකියාවන් සම්බන්ධයෙන් විදේශ භාණ්ඩ ප්‍රවාහන සහ කාර්ය සම්පාදන සමාගම් සතු විශ්වාසය තවදුරටත් තහවුරු වනු ඇත. එමෙන්ම මෙමගින් දැඩි ප්‍රමිතීන් හා සම්මතයන් සහිත, විවිධ පාර්ශ්ව අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය අතිශයින් තීරණාත්මක වන ගෝලීය බැටරි සහ බැටරි භාවිතා වන නිෂ්පාදන සැපයුම් ජාලය තුළ සිය තරගකාරීත්වය තවදුරටත් වර්ධනය කරගැනීමට ශ්‍රීලංකන් කාගෝ සේවාවට හැකියාව ලැබේ. මෙම නිෂ්පාදනවලට ජංගම දුරකථන, ලැප්ටොප්, ජංගම ඉලෙක්ට්‍රොනික උපාංග, දුරස්ථ පාලක උපාංග, සංචාරක උපාංග සහ සෙල්ලම් බඩු වැනි භාණ්ඩ වර්ග රාශියක් ඇතුළත් වී ඇත.

මෙම සහතිකකරණය මගින් ශ්‍රීලංකන් කාගෝ කාර්ය මණ්ඩලයේ දැනුම හා පුහුණුව වර්ධනය වීම සහ නව සහයෝගීත්වයන් නිර්මාණය වීම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආදායම සහ කාර්යක්ෂමතාවද ඉහළ යනු ඇති අතර, එය මෙරට ආනයන හා අපනයන ක්ෂේත්‍රයන්ටද බෙහෙවින් හිතකර ලෙස බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රීලංකන් කාගෝ මේ වන විට යුරෝපය, මැදපෙරදිග, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව, ඈත පෙරදිග සහ ඕස්ට්‍රේලියාව ඇතුළු කලාප රාශියක් වෙත ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සපයයි. රටවල් 21 ක ගමනාන්ත 30 කට වැඩි සංඛ්‍යාවක් ආවරණය කරන සෘජු සේවා ජාලයක් සහ ලොව තවත් නගර සිය ගණනක් වෙත විහිදෙන හවුල්කාරීත්ව සේවා ජාලයක්ද එය සතු ය. තම හවුල්කරුවන් සමග එක් වී ගොඩබිම් ප්‍රවාහන පහසුකම්ද පිරිනමමින්, ශ්‍රීලංකන් ගුවන් සේවාවේ සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වන රටවලින් ඔබ්බට පවා භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සැපයීමට ශ්‍රීලංකන් කාගෝ සමත් වී ඇත. එමෙන්ම විශිෂ්ට තලයේ ගබඩා පහසුකම් සහ අතිනවීන භාණ්ඩ හැසිරවීමේ යන්ත්‍රෝපකරණද සමගින් ශ්‍රීලංකන් කාගෝ, ගුවන් භාණ්ඩ ප්‍රවාහනයට අදාළ සියලුම සේවාවන් එකම ස්ථානයකින් ලබාදෙන සේවා සම්පාදකයෙකු ලෙස ඇගයීමට ලක් වී තිබේ. වැඩිදුර තොරතුරු සඳහා www.srilankancargo.com වෙත පිවිසෙන්න.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan