අති උතුම් ළමා කටයුතු ඇමති පෝල්රාජ් …. ලැජ්ජයි !!

Date:

පුංචි දැරිවියක් ගුරෙක් අතින් දූෂණය වෙනව…ඒ ළමයට පාසලෙන් අස්වෙන තැනට වැඩ සිදු වෙනව…ඒ ළමයව ටියුෂන් පංතියකදි තව ගුරෙක් ලැජ්ජ කරල අසරණ කරනව…මානසිකව වට්ටනව…මේ පුංචි කෙල්ල වේදනාව දරාගන්න බැරුව තට්ටු හයකින් බිමට පැනල මැරෙනව…

මොන කරුම රටක්ද මේ…
මොන මිනිස්සුද මේ රටේ ඉන්නෙ…

ඒකට ළමා හා කාන්තා කටයුතු ඇමතිගෙ උත්තරේ මොකක්ද ?

පෙත්සමක් ලියාගෙන එන්න කිව්වලු…

මේක මේ ළමයෙක් ඉස්කෝලෙකට ගන්න බෑ කීව වගේ ප්‍රශ්නයක්ද ?

⁣පුංචි ළමයෙක්ට මෙහෙම දරුණු අපරාධයක් වුණාම පෙත්සම් ලියාගෙන දෙමව්පියන් තමන්ගෙ ලඟට එන්න ඕනෙ නෑ නෝනේ…

මම නං ඇමති මම යනව දෙමව්පියන්ගෙ කකුල් දෙක ලඟට…මේ මහ වැරැද්ද කරපු කාලකණ්ණින්⁣ට පණිවිඩයක් දෙනව අපි ඉන්නෙ මැරුණත් ළමය ලඟ මිසක් තොපි එක්ක නෙවෙයි කියල…ජනතා නියෝජිතයො කියන්නෙ එහෙම මිනිස්සු…

නෙද්දකින් ඔබතුමියන් වගෙ ඇමතිල…

ලැජ්ජයි !

~ ලක්මාල් කුලසේකර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ලියාපදිංචියේදී හා පැවරීමේදී TIN අංකය අනිවාර්යයයි

සටහන - රුවන් නෙළුගොල්ල වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී...

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...