පාකිස්ථානය එක රැයකින් ඉන්දීය ඩ්‍රෝන යානා 25ක් වෙඩි තබා බිම හෙලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව හා පාකිස්ථානය අතර සිදු වූ වෙඩි හුවමාරුවෙදී ඉන්දියාව විසින් පන්ජාබ් සහ සින්ද් පළාත්වල දියත් කරන ලද ඩ්‍රෝන යානා 25ක් පමණ පාකිස්තානයේ ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් වෙඩි තබා බිම හෙලිමට සමත්වූ බව පාකිස්තානු හමුදාව ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රහාරය දශක ගණනාවකින් පකිස්ථානයට එල්ල වූ දරුණුතම මිලිටරි ප්‍රහාරය වන අතර පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය චෞද්‍රි මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, අම්රිත්සර්, ශ්‍රීනගර් සහ චන්දිගාර් යන ප්‍රධාන නගර ඇතුළුව උතුරු හා බටහිර ප්‍රදේශවල හමුදා ඉලක්ක ගණනාවකට ඩ්‍රෝන යානා සහ මිසයිල දියත් කිරීමට ඉන්දීය උත්සාහය පකිස්ථානයේගුවන් ආරක්ෂක පද්ධති සියලු ප්‍රහාර වලක්වා ලු බවයි.

එමෙන්ම ඊයේ(08)දිනයේදී ඉන්දීය පරිපාලන කාශ්මීරයේ ජම්මු සහ උදම්පූර් සහ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ පතන්කෝට් හි පිහිටි හමුදා කඳවුරු තුනකට ඩ්‍රෝන යානා සහ මිසයිල යොදා ගනිමින් පාකිස්ථාන හමුදාව කරන ලද ප්‍රහාරයන් ව්‍යර්ථ කළ බව ඉන්දීය හමුදා තහවුරු කර ඇති අතර ඉස්ලාමාබාද් මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇත.

පකිස්ථාන ලාහෝර් නගරයට ඉහළින් ගුවන් ආරක්ෂක පද්ධතිය බිඳ දමන ලද බව ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇති අතර ඉන්දියාවේ විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් ඊයේ (08)දිනයේදී අනතුරු ඇඟවා තිබුණේ, ඉන්දියාව පාකිස්තානයේ ඕනෑම හමුදා ආක්‍රමණයකට ඉතා දැඩි ප්‍රතිචාරයක් දක්වන බවට සැකයක් නොමැති බවයි.

මේ වන විට රටවල් දෙකෙහිම ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර ගුවන් තොටුපළවල් වසා දමා ඇත. පකිස්ථානයේ, කරච්චි, ලාහෝර් සහ සියල්කොට් ගුවන් තොටුපළවල් වලින් පැමිණෙන සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර ඉන්දියාවේ උතුර හරහා දේශීය ගුවන් තොටුපළවල් 20 කට වැඩි ප්‍රමාණයක් මැයි මස 10 වන දා දක්වා වසා දමා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...