වෙසක් සතියේ සුරා සැල් වැසෙන දින

රෂිකා හෙන්නායක

උද වන වෙසක් සතිය නිමිති කර ගනිමින් මස් මාංශ අලෙවිසැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැෂිනෝ ශාලා සහ සමාජ ශාලා දින තුනක් වසා තැබීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

මැයි 12, 13 සහ 14 යන දිනවල අදාළ ස්ථාන වසා තැබෙන බවත්, සුපිරි වෙළඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම ද එම දින තුන තුළ නතර කිරීමට පියවර ගෙන ඇති බව එම අමාත්‍යංශයේ ලේකම් එස්. අලෝක බණ්ඩාර මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මෙම මස 10 වනදා සිට 16 වනදා දක්වා කාලය, රජය මගින් වෙසක් සතිය ලෙස නම් කර ඇත.