හෙට උදෑසන 7 වන තෙක් රට පුරා ඇඳිරි නීතිය – ගෝටාගෝගම තහනම් කලාපයක් වන ලකුණු

Date:

අද රාත්‍රී 7 සිට හෙට උදෑසන 7 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

රාත්‍රී 8.30 ට නිකුත් කර ඇති මෙම නිවේදනයේ අතීතයට බලපාන පරිදි, එනම් රාත්‍රී 7 සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබීම විශේෂත්වයකි.

අද දහවල් සිට ක්‍රියාත්මක වූ ‘පොලිස් ඇඳිරි නීතිය’ වෙනුවට මේ අනුව මහජන ආරක්ෂණ ආඥා පනතේ 16 වගන්තිය යටතේ ඇඳිරි නීති නියමයක් පනවා ඇත.

මෙහි පැහැදිලිවම සඳහන් කර තිබෙන්නේ,

”බලය ලබාදෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරිය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැත” යනුවෙනි.

මේ අනුව, ගෝටාගෝම, මයිනාගෝගම ඇතුළු ගෝල්ෆේස් විරෝධතා භූමිය මෙමගින් ආවරණය වන බව පෙනී යයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...