වීරකැටියේ තත්වය දරුණු වෙයි – පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කරයි

0
3095

ආණ්ඩු පක්ෂ දේශපාලනඥයන්ට එරෙහිව රටපුරා ආරම්භ වූ විරෝධය මේ වනවිටත් පැවැත්වෙනවා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් රැසකගේ මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසකගේද නිවාස ඇතුළු දේපළවලට විරෝධතාකරුවන් විසින් හානි සිදුකර තිබේ.

මේ අතර වීරකැටිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

විරෝධතාකරුවන් පිරිසක් වීරකැටිය ප්‍රාදේශීය සභාපතිවරයාගේ නිවසට කඩාවැදී ඇති අතර එහිදී මෙම වෙඩි තැබීම සිදුව ඇත. තවත් පුද්ගලයන් 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

UN