හිරුණිකාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අද (09)

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (09) කොළඹ මහාධිකරණයේ  විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේදී ආරම්භ කෙරුණි.

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදී අයුතු ලෙස සිරකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට චෝදනා එල්ලවී තිබෙන අතර, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් පැහැරගෙන යාමට ලක්වූ බව කියන අමිල ප්‍රියංක අමරසිංහ නමැත්තා කියා සිටියේ 2015 වසරේ තමා දෙමටගොඩ ප්‍රදේශයේ රෙදිපිළි වෙළෙඳසැලක සේවය කළ බවය.

එම රෙදිපිළි වෙළඳසැලට චමිලා ගීතානි නමැත්තිය වරින් වර පැමිණි බවත් පසුව ඇය සමග තමා සම්බන්ධයක් ඇතිකර ගත් බවත් සාක්ෂිකරු සඳහන් කර ඇති අතර ,තමාව පැහැරගැනීමට ලක්වූයේ එම සිද්ධියෙන් පසුව බවත් ඔහු වැඩිදුරටත් සාක්ෂි දෙමින් පවසා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...