වාර්ගික පවිත්‍ර කිරීම් වෙනුවෙන් ඩාර්ෆූර්හිහි මහා පරිමාණයෙන් සිවිල් වැසියන් සමූල ඝාතනය කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 09,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය ගිම්හානයේදී ඩාර්ෆූර්හි වාර්ගික පවිත්‍ර කිරීම් වෙනුවෙන් මහා පරිමාණයෙන් සිවිල් වැසියන් සමූල ඝාතනය කර ඇති බව වාර්තා වේ.

මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කරණ අතර හියුමන් රයිට්ස් වොච් සඳහන් කරන්නනේ, බටහිර ඩාර්ෆූර්හි සූඩානයේ අරාබි නොවන මසලිට් ගෝත්‍රයට එරෙහිව අරාබි නායකත්වයෙන් යුත් පැරාමිලිටරි වේගවත් ආධාරක බලකාය (RSF) මාස 12 ක ඒකාබද්ධ වාර්ගික ශුද්ධ කිරීමේ ව්‍යාපාරයක් සංවිධානය කර ඇති බවත්, ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ඩාර්ෆූර් වලින් පලා යාමට උත්සහ කළ සිය ගණනක් මසලිටි ගෝත්‍රිකයන් මරා දමා කාජා නදියට දැමු බවට සාක්ෂි වන බවත්ය.

යුද්ධය ඇරඹි 2023 අප්‍රේල් මාසයේදී ආර්එස්එෆ් සහ සුඩාන හමුදාව අතර සටන් ඇවිළී ගිය දා සිට, මානුෂීය අර්බුදයක් මධ්‍යයේ මිලියන 8 කට වැඩි ජනතාවක් තම නිවෙස් අතහැර පලා ගොස් තිබේ.

හියුමන් රයිට්ස් වොච් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් හා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අප්‍රිකානු සංගමයෙන් ඉල්ලා සිටින්නේ, වහාම සුදනයට ආයුධ සම්බාධකයක් පනවන ලෙසත්, කුප්‍රකට අණදෙන නිලධාරි මොහොමඩ් “හෙමෙඩ්ටි” හම්දාන් දගලෝ සහ ඔහුගේ සහෝදරයා වන අබ්දෙල් සමඟ බටහිර ඩාර්ෆූර් ආර්එස්එෆ් අණදෙන නිලධාරී අබ්දෙල් රහ්මාන් ජොමා බරකාල්ලා යන ඇයට එරෙහිව සම්බාධක පනවන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...