ඇමරිකාව චීන සමාගම් රැසකට වෙළඳ සිමා පනවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 10,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බීජිං සහ වොෂින්ටනය අතර ආතතීන් උත්සන්න කරමින් ඇමරිකාව විසින් චීන ආයතන 37කට එරෙහිව වෙළඳ සිමා පනවා ඇති බව වාර්තා වේ.

පසුගිය වසරේ එක්සත් ජනපදයට ඉහළින් පියාසර කළ ඔත්තු බැලූ බැලූනය මත පදනම්ව එක්සත් ජනපදයේ තාක්ෂනය චීනයට ගලා යාම වැලැක්වීම සඳහා ගෙන ඇති පියවරක් වශයෙන් තාක්ෂණික සමාගම් රැසක් මෙම වාර්තාවට ඇතුලත් කර ඇත.

චීනයේ ඉහලම හමුදා උපකරණ සපයන්නකු වන රජයට අයත් චයිනා ඉලෙක්ට්‍රොනික්ස් ටෙක්නොලොජි ගෲප් මෙන්ම චීනයේ මිලිටරි නවීකරණ ප්‍රයත්නයන්, විශේෂයෙන් මහජන විමුක්ති හමුදාවේ (PLA) ගුවන් යානා සහ බැලූන් ඇතුළු අභ්‍යවකාශ වැඩසටහන් සඳහා සහය දැක්වීම සඳහා සමාගම් පහක් සහ එක් පර්යේෂණ ආයතනයක් ආයතන ලැයිස්තුවට එක් කර ඇති බව එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සවය!

කොළඹ LNW: ගුරු වික්‍රමසිංහ නෘත්‍ය සම්රාට් මහෝත්සවය එළඹෙන 14...

Kandy Breeze Night Fest හෙට(13) සිට නව මුහුණුවරකින්….

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW : මහනුවර නගරය වෙත...

ඉන්දුනීසියාවේ ගංවතුර බැස යද්දී, අතුරුදහන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම සතිය මුලදී...

රමිත රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙලිය...