සීක් බෙදුම්වාදී නායකගේ මරණය සම්බන්ධයෙන් කැනඩාව ඉන්දීය රජයට එරෙහිව කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැත – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 10,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය වසරේ කැනේඩියානු පුරවැසියකු වූ සීක් නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැනඩාවේ තාවකාලිකව පදිංචිව සිටි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඒ වෙනුවෙන් ඉන්දීය රජය සම්බන්ධ දැයි විමර්ශනය කරන බවට පසුගියදා කැනඩා රජය ප්‍රකාශ කරන ලදී.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් අද(10)දිනයේදී සඳහන් කර තිබුණේ, මෙම මරණය සම්බන්ධයෙන් කැනඩාව ඉන්දීය රජයට එරෙහිව කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැති බවයි.

රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කළ අතර බෙදුම්වාදීන්, අන්තවාදීන් සහ ඉන්දියාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් පෙනී සිටින අයට කැනඩාවට ඇතුළුවීමට සහ පදිංචියට අවසර දී ඇති බවට නවදිල්ලිය කැනේඩියානු බලධාරීන්ට පැමිණිලි කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

ඉන්දියාවේ වෙනම සික් ජනපදයක් ගොඩනැගීම වෙනුවෙන් කැනඩාවේ සිට ක්‍රියාත්මක වූ මෙම සික් නායකයා ඉන්දීය රජය ත්‍රස්තවාදියෙකු ලෙස ලැයිස්තුගත කර තිබු අතර ඔහුගේ මරණයත් සමඟ කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සැප්තැම්බර් මාසයේදී ඉන්දියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඇති කර ගනු ලැබිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...