සීක් බෙදුම්වාදී නායකගේ මරණය සම්බන්ධයෙන් කැනඩාව ඉන්දීය රජයට එරෙහිව කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැත – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 10,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය වසරේ කැනේඩියානු පුරවැසියකු වූ සීක් නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැනඩාවේ තාවකාලිකව පදිංචිව සිටි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඒ වෙනුවෙන් ඉන්දීය රජය සම්බන්ධ දැයි විමර්ශනය කරන බවට පසුගියදා කැනඩා රජය ප්‍රකාශ කරන ලදී.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් අද(10)දිනයේදී සඳහන් කර තිබුණේ, මෙම මරණය සම්බන්ධයෙන් කැනඩාව ඉන්දීය රජයට එරෙහිව කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැති බවයි.

රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කළ අතර බෙදුම්වාදීන්, අන්තවාදීන් සහ ඉන්දියාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් පෙනී සිටින අයට කැනඩාවට ඇතුළුවීමට සහ පදිංචියට අවසර දී ඇති බවට නවදිල්ලිය කැනේඩියානු බලධාරීන්ට පැමිණිලි කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

ඉන්දියාවේ වෙනම සික් ජනපදයක් ගොඩනැගීම වෙනුවෙන් කැනඩාවේ සිට ක්‍රියාත්මක වූ මෙම සික් නායකයා ඉන්දීය රජය ත්‍රස්තවාදියෙකු ලෙස ලැයිස්තුගත කර තිබු අතර ඔහුගේ මරණයත් සමඟ කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සැප්තැම්බර් මාසයේදී ඉන්දියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඇති කර ගනු ලැබිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...