කොටහේන දැරියගේ මරණය : ටියුෂන් ව්‍යාපාරික ජාජබ අපේක්ෂකයාගෙන් CIDයට පැමිණිල්ලක්

Date:

කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියක් සියදිවි නසා ගැනීමේ සිද්ධියේදී එම දැරියව උපහාසයට ලක් කළ බවට චෝදනා එල්ල වී සිටින ටියුෂන් ආයතනයක් හිමි ව්‍යාපාරිකයා ඊයේ (09) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට හිතාමතා අපහාස කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ප්‍රචාරණයන් පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමිනි.

මෙම සිසුවිය එම ටියුෂන් පන්තියට පැමිණි අවස්ථාවේදී ඇය අසනීපයෙන් පසුවූ බවත් තමන් ඇයගේ දෙමව්පියන් ගෙන්වා ඒ පිළිබඳ සාකච්ඡා කළ බවත් ඒ හැර මේ සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඔහු සඳහන් කරයි.

එසේම තමන් ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු බවත් එහි විධායක සභාවේ සාමාජිකයකු බවත් පවසන එම ටියුෂන් ව්‍යාපාරිකයා දේශපාලන හේතූන් මත විපක්ෂය තමන්ට විශාල ලෙස මඩ ගැසීමට මෙම සිද්ධිය භාවිතා කර ඇති බවත් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙසේ තමන්ට චෝදනා එල්ල වන්නේ වෙනත් තරගකාරී ටියුෂන් ආයතනයක වුවමනාව මතදැයි සැකයක් ද පවතින බවත් ඔහු පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...