NMRA සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් භාවිතා කරන මෘදුකාංග තහනම් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කිරීමට දින!

Date:

ජාතික ඖෂධ නියාමක අධිකාරිය සහ විද්යුත් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සඳහා පෞද්ගලික සමාගමක මෘදුකාංග භාවිතා කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූනි 09 දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරකරණය පෙරේදා (08) නියෝග කළේය.

මෙම පෙත්සම ඊයේ (09) යසන්ත කෝදාගොඩ සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගේ සමනවිත ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා පමණක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඒ අනුව සෙසු වගඋත්තරකරුවන්ට නොතිසි යැවීමට පියවර ගන්නා ලෙසත්වි නිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාරිශ්‍රවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්හ. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස එපික් ලංකා සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ වගඋත්තරකාර සමාගම වගඋත්තරකාර එපික් ලංකා සමාගම විසින් නිර්මාණය කරන ලද මෘදුකාංගය ඖෂධ නියාමන අධිකාරිය මෙන්ම විද්‍යුත් ගමන් බලපත් නිකුත් කිරීමේ කටයුතු සඳහා මේ වනවිටත් යොදා ගන්නා බවයි. ඉකුත් කාලයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය හරහා දත්ත වංචාවක් සිදු වී ඇති බවට කරුණු වාර්තා වී තිබුණු බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

එම වාතාවරණය හමුවේ වග උත්තර කාල සමාගමේ තවදුරටත් භාවිතා කිරීම තුළින් දැඩි අගතියක් සිදුවන බවත් පෙත්සමේ සඳහන් වෙයි. එබැවින් මෙම කටයුතු සඳහා අදාළ මෘදුකාංගය භාවිතා කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙනී සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...