විදුලි බිල අඩුකරන බව පවසමින් බලයට ආ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට අද පුදුම ඉරණමක් අත්වී ඇති බව හිටපු අමාත්ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
“මේ ගැලවිජ්ජා වලින් වැඩක් නෑ. විදුලි බිල පිළිබඳව ඇත්ත කතාව කියන්න ඕනෙ. විදුලි බිල වැඩිවෙනවා, විදුලි බිල වැඩිවෙන්නෙ ඇයි ? විදුලි බිල වැඩිවෙන්නෙ තෙල් වලින් විදුලිය නිපදවීම නිසා. ගල් අඟුරු බාලවීම නිසා. එතකොට කොහොමද මේකෙන් එන්නාවූ බර ජනතාවගේ සියලු දෙනාටම දරාගන්නෙ නැතිව ඉහළට විතරක් දරාගන්න කියනවායි කියන්නෙ ? ඒවා නිකම් කතා විතරයි. ඇත්තටම ක්රියාත්මක අර්ථය වෙන්නෙ හැමෝම මේ විදුලි බිලේ වැඩිවෙන බර කරගහන්න ඕනෙ. විදුලි බිල අඩුකරනවායි කියලා ආව ආණ්ඩුවට අද පුදුම ඉරණමක් අත්වෙලා තියෙන්නෙ, විදුලි බිල වැඩිකරන්න වෙලා තිබෙනවා. විදුලි බිල වැඩිකිරීමේ ප්රධාන හේතුව මේ ගල් අඟුරුවලින් වෙච්ච පාඩුව. ඒ වෙනුවට දැන් තෙල් පාවිච්චි කරනවා. හංගන්න බෑ මේක හංගන්න හැදුවාට”
වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පැවති මාධ්ය හමුවක් අමතමිනි.


