ට්‍රම්ප් ලිංගික අපයෝජන සහ අපහාස කිරීම සම්බන්ධයෙන් නීතියෙන් වරදකරු වේ.

Date:

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 1990 දශකයේ ලේඛක ඊ ජීන් කැරොල්ට ලිංගික අතවර කිරිමත් අනතුරුව ඇය බොරුකාරියක් ලෙස හංවඩු ගසා අපකීර්තියට පත් කීමට සම්බන්ධයෙන් වරදකරු ලෙස මෑන්හැටන් ෆෙඩරල් උසාවිය විසින් ඊයේ(09)දිනයේදී තහවුරු කර තිබේ.

ඊ ජීන් කැරොල් විසින් 1990 දශකයේ මැද භාගයේදී හිටපු ජනාධිපති ට්‍රම්ප් විසින් නිව්යෝක්හ වෙළඳසැලකදී තමාට ලිංගික අතවර කළ බවට චෝදනා ගොනු කළ අතර ට්‍රම්ප් මේ සියල්ල ප්‍රතික්ෂප කරන ලදි. සාමාජිකයින් නව දෙනෙකුගෙන් යුත් ජූරි සභාව අඟහරුවාදා තීරණය කළේ හිටපු ජනාධිපතිවරයා කැරොල් දූෂණය නොකළ නමුත් ලිංගික අපයෝජන සහ අපකීර්තියට ඔහු වගකිව යුතු බවයි.

ඒ අනුව අධිකරණය ඊ ජීන් කැරොල් වෙනුවෙන් වන්දි මුදල් ලෙස ආසන්න වශයෙන් ඩොලර් මිලියන 5ක් ලබා දීමට ට්‍රම්ප්ට නියෝග කර ඇති අතර මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අභියාචනයක් ඉදිරිපත් කිරීමටද සූදානම් බව ඔහුගේ ප්‍රකාශක ස්ටීවන් චියුන්ග් විසින් මාධ්‍ය වෙත ලබා දී තිබේ.

අධිකරණ තීරණය සම්බන්ධයෙන් ඊ ජීන් කැරොල් සිය සමාජ මාධ්‍ය හරහා සඳහන් කර තිබුණේ, ‘අද ලෝකය අවසානයේ සත්‍යය දන්නවා. මෙම ජයග්‍රහණය මට පමණක් නොව ඇය විශ්වාස නොකළ නිසා දුක් විඳි සෑම කාන්තාවක් සඳහාම’ වන බවයි. ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය වල සඳහන් කර තිබුණේ, කැරොල්ව නොදන්නා බවත්, මේ සියල්ල දේශපාලනික අපකීර්තිය හා දඩයම් කිරීමේ පියවරයන් වන බවත්ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටින අතර මෙම තීන්දුව ට්‍රම්ප්ගේ දේශපාලන අවස්ථා කෙරෙහි බලපෑමක් ඇති කරයිද යන්න පැහැදිලි නැත.
කෙසේ නමුත් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 දී අසභ්‍ය තරුවකට මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් නිව් යෝර්ක් හි අපරාධ චෝදනා සහ රහසිගත ලේඛන වැරදි ලෙස පරිහරණය කිරීම සමිබන්ධයෙන් අධිකරණ දෙපාර්තමේන්තු පරීක්ෂණයක් ඇතුළුව වෙනත් නීතිමය ගැටලු රාශියකට මේවන විට මුහුණ දී සිටියි.

සටහන -සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...