සටහන – රෂිකා හෙන්නායක
මැයි 11, කොළඹ (LNW):තම ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩ ක්‍රියාත්මක බව රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දන්වා සිටී.
ඒ අනුව සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කරන කිසිදු ව්‍යාපෘතියකට තම සංගමය සහය ලබා නොදෙන බව එහි සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පැවසුවේය.