සටහන – රෂිකා හෙන්නායක
මැයි 11, කොළඹ (LNW): එළැඹෙන 26 වනදා සිට ජුනි පළමු වනදා දක්වා ජාතික ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දිස්ත්‍රික්ක 17ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 71ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, මේ වන විට වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවත් , සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.
වර්ෂාපතනයත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් පවතින බව වැඩිදුරටත් වාර්තා වේ.
.