*
Wednesday, May 21, 2025
spot_img

Latest Posts

අගමැති නරේන්ද්‍ර මෝදිට ආගමික වෛරී ප්‍රකාශ සහ සාවද්‍ය නිවේදන ප්‍රචාරය කිරීමට මැතිවරණ කොමිසම ඉඩ සලසන බවට විපක්ෂයෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණි,මැයි 11,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අගමැති නරේන්ද්‍ර මෝදි සිය මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ආගමික වෛරී ප්‍රකාශ සහ සාවද්‍ය නිවේදන ප්‍රචාරය කරන බවට විපක්ෂයේ පැමිණිලි සම්බන්ධයෙන් එරට ජාතික මැතිවරණ කොමිසම ක්‍රියාමාර්ග නොගෙන එම වෛරී ප්‍රකාශන ප්‍රචාරයට ඉඩ සලසන බවට එරට විපක්ෂය චෝදනා කර තිබේ.

මුස්ලිම්වරුන් අතර හින්දුවරුන්ගෙන් ධනය යලි බෙදා හැරීමට කොංග්‍රසය සැලසුම් කර ඇති බවට අප්‍රේල් 21වන දා අගමැති මොදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් විපක්ෂය මෙලෙස මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇත.

ඒ අනුව කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂය සිකුරාදා(10)වන දා ඉන්දීය මැතිවරණ කොමිසමට ලිපියක් යවමින් පැමිණිලි කර තිබුණේ වරදකරුවන්ට දඬුවම් කිරීමට අර්ථවත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවටයි.

බහු වාර්ගික දකුණු ආසියානු ජාතිය තුළ ආගමික, කුල හෝ භාෂාමය රේඛා ඔස්සේ බෙදීම ප්‍රවර්ධනය කිරීමට එරෙහිව ක්‍රියා නොකිරීම ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක් වන බවයි විපක්ෂය මෙහිදී සඳහන් කර තිබුණේ,

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan