නම සිංහ වුණාට වැඩ අවුල්වීමෙන් රගර්වලට ලෙඩ

Date:

නිශ්මං රණසිංහ මැයි 11, කොළඹ LNW:

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර රගර් තරගාවලියක් පැවත්වීම අගය කළ යුතු වැඩක් වුව ද,ඒ සඳහා වත්මන් රගර් ප්‍රධානියාගේ ආශිර්වාදය ඇතුව පත් වූ පිරිස විසින් එම ඉසව්ව මෙහෙය වූ ආකාරය පිළිබද විගනනයක් අවශ්‍යය බව අපි මුලින්ම කීවෙමු.

එහි අනුග්‍රාහක වගකීම් දැරූ තැනත්තා මීට පෙර ද විවිධ චෝදනා එල්ල වූ අතර,ඇතැම් අවස්ථාවල ඔහු වගකීම්වලට ගෙන ඒම සම්බන්ධයෙන් අධිකරණයට පවා ගිය අවස්ථා ද තිබිණි.එවැනි තත්තවයක ඔහු නමට ඇති සිංහ කෑල්ලද ආභරණයක් කර ගෙන සියල්ලට බැන වැදී ඇති අතර ඇතැම් අනුග්‍රාහකයන්ටද බැන වැදී ඇත.

ඒ සම්බන්ධයෙන් ඇතැම් අනුග්‍රාහකයන් සිය විරෝධය ප්‍රසිද්ධියේම මේ බොරු සිංහයාව නම් කරමින් දක්වා ඇති අතර ඒ අතරින් ඇතැමෙක් ඔහුගේ ලැජ්ජා නැති හැසිරීම නිසා රගර්වලට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත්වන බව ද දන්වා ඇත.

අමාත්‍යවරයා හෝ ක්‍රීඩා අමාත්‍යංශය හෝ රගර්වල හැසිරීම් ගැන පරීක්ෂණ කරන්නට හෝ දඬුවම් කරන්නට යනු ඇතැයි සිතිය නොහැකිය.අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ නාමල් රාජපක්ෂලා මට්ටු කිරීමට පමණක් එය යොදා ගත්තද නාමල්ලා වෙනුවෙන් වැරදි කළ පිරිස් ඉහළින් තබා ගෙන සිටින බව අප දන්නා බැවිනි.

මේ තත්ත්වය වෙනස් කරමින් හැකිනම් නවසීලන්ත තරගාවලියෙන් ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවට අත් වූ යහපත තවත් පුළුල් කරන්නට තරගාවලියේ ගිණුම් සම්බන්ධයෙන් සහ එහි වගකිවයුතු අයගේ හැසීරීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නට අපි බල කර සිටින්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් සිය 79වන උපන්දිනය දවසේම, එක්සත් ජනපද හමුදාවේ 250 වන සංවත්සරය සමරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...