නව වෙනිදා ආ අය තවමත් අරලියගහ මැදුරේ

Date:

නව වෙනිදා සාමාකාමී අරගලවලට පහර දෙමින් ක්‍රියා කළ පිරිස සමඟ එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ බැහැ දැකීමට පැමිණි සමහර පිරිස් තවමත් අරලියගහ මැදුර තුළ සිර වී සිටින බව වාර්තා වෙනවා.ආරක්ෂක අංශයෙන් ලැබෙන තොරුතුරුවලට අනුව මොවුන්ට අරගල භූමිවලට පහර දිමට අරලියගහ මැදුරෙන් පිටතට යාමට අවස්ථාව ලැබී නැහැ.එසේත් නැතිනම් ඒ කාරණා සඳහා මොවුන් පිටත්ව ගොස් නැති බව ද සිතිය හැකි බවයි ඔවුන් පවසන්නේ.

මේ ආකාරයට සිර වී සිටින බොහෝ පිරිස් ප්‍රාදේශීය දේශපාලකයන් බව එම තොරතුරු අනාවරණය කරන අතර වෙනත් තොරුතරු මූලාශ්‍රවලින් වාර්තාවෙන්නේ ඊයෙ(මැයි 10) පස්වරුවේත් නාගොඩ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරියක් අරලියගහ මන්දිරය ඇතුළ සිට මහත් පරිශ්‍රමයකින් මුදා හැරි ඇති බවයි.මේ වන විටත් අරලියගහ මන්දිරය අවට ප්‍රදේශවාසීන් සාමකාමී අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකරමින් සිටින නිසා ඇතුළත රැදී සිටින පිරිස් පිටතට පැමිණීමට බියෙන් පසුවන බව වාර්තා වෙනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...