ප්‍රචණ්ඩත්වය විසින් රටට උරුම කරන්නේ විනාශය බවත් දශක ගණනාවක් මුළුල්ලේ එවන් විනාශයන් රට අත්විද ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එබැවින් මේ තීරණාත්මක මොහොතේ සියලු දෙනාම සාමකාමීව සහ සන්සුන් සන්සුන් ව කටයුතු කළ යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා, ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා අරගල කරන තරුණයින්ට සහ ජනතාවට පහර දුන් රාජපක්ෂ ආණ්ඩුවේ කිසිවෙකුට කිසිදු ගැලවීමක් නැතැයිද පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ඊයේ (10) විපක්ෂ නායක කාර්යාලයේ දී ය.
RN